Almas සමූහය යටතේ ඇසෙට්ලයින් සෙකියුරිටීස් යළිත් සිය ව්‍යාපාරික මෙහෙයුම් අරඹයි
කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් ලෙස කටයුතු කරමින් සිටියදී සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටවූ ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම (STS) අද (23දා) සිට යළිත් සිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවසයි.
මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් අල්මාස් සමූහය මගින් ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම මිලදී ගැනීමත් සමගින්ම මෙලෙස එම මෙහෙයුම් කටයුතු අද දිනයේ සිට ඇරඹී තිබේ.
බුහර්දීන් මහතා අද දිනයේදී සිය ට්විටර් ගිණුම හරහා මෙම අත්පත් කරගැනීම සහ අත්හදා බැලීමක් ලෙස අද දිනයේදී සිදු කළ මෙම ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කිරිම පිළිබඳව සඳහනක්ද තබා තිබුණි.

මෙම ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (DPMC) සමාගම වෙත අයත් ඇසෙට්ලයින් හෝල්ඩිංග්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වූ කොටස් තැරැව්කාර සමාගමක් ලෙස මෙහෙයුම් සිදු කෙරිණි. එහි ලිපිනය වූයේ අංක 120/120A, පන්නිපිටිය පාර බත්තරමුල්ලයි.
කෙසේ වෙතත් ඇසෙට්ලයින් සමාගම මගින් ගනු ලැබූ තීරණයකට අනුව 2020 මැයි 15 වැනිදා සිට ස්වේච්ඡාවෙන්ම සිය ව්‍යාපාරික මෙහෙයුම් අක්‍රිය කිරීමට පියවර ගැනුණි.
එහිදී සමාගම හා කටයුතු කළ ගනුදෙනුකරුවන් සතුව තිබූ මධ්‍යම තැන්පතු පද්ධති (CDS) ගිණුම් සියල්ලම 2019 දෙසැම්බර් 26 වැනිදාට පෙරාතුව වෙනත් කොටස් තැරැව්කාර සමාගමකට හෝ බාරකාර බැංකුවක් වෙත හුවමාරු කිරීම සිදු වූ අතර, එම දිනට පෙරාතුව එම හුවමාරුව සිදු නොකළ සියලුම ගිණුම් අත්හිටුවිමක්ද සිදුවිය.
ඒ අනුව එම සමාගම යළිත් සිය ව්‍යපාරික මෙහෙයුම් අරඹා ඇත්තේ වසර දෙකක පමණ කාලයකට පසුවයි.
මෙම නව අත්පත් කරගැනීමත් සමගින්ම ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගමේ නව ලිපිනය ලෙස වෙස්ට්ඉන් ටවර්, පස්වැනි මහල, අංක 2-4/1 ලේක්ඩ්‍රයිව්, කොළඹ 08 ලෙස සඳහන්ව ඇත. එසේම එහි වෙබ් අඩවිය online.almasequities.com ලෙස වෙනස් වී තිබේ.
ඒ අනුව ඉදිරියේදී ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගමේ නම අල්මාස්ඉක්වටීස් ලෙස වෙනස් වෙනු ඇතැයිද සඳහන් වෙයි.

Hits: 140