DFCC බැංකුවේ වෙබ් අඩවිය BestWeb.lk සම්මාන උළෙලේදී සම්මාන 3 කින් පිදුම් ලබයි

පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), විශිෂ්ටතම සිංහල භාෂා වෙබ් අඩවිය (සමස්ත) සහ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය (සමස්ත) යන කාණ්ඩ වල රිදී සම්මාන DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත හිමි විය.

මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීම DFCC බැංකුව දැක්ම වන අතර, එම උත්සාහයේ කොටසක් වශයෙන් DFCC වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන, පහසුවෙන් භාවිතා කළ හැකි, කාර්යක්ෂම හා වේගවත් වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර තිබේ.

මේ නිසා DFCC වෙබ් අඩවිය මෙරට බැංකු ක්ෂේත්‍රයේ බෙහෙවින් කැපීපෙනෙන වෙබ් අඩවියක් බවට පත් වී ඇත. ගනුදෙනුකරුවන්ට අදාළ වන පරිදි නවතම තොරතුරු ඔවුන් වෙත සැපයීම සඳහා තම වෙබ් අඩවියේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සංස්කරණයන් එකිනෙකින් ස්වාධීනව පවත්වාගෙන යාමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන්ට වඩාත් පරිපූර්ණ සේවාවක් සපයන අතිනවීන හා පහසුවෙන් භාවිතා කළ හැකි වෙබ් අඩවියක් ලෙස සැලසුම් කර තිබීම, DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත මේ ආකාරයට BestWeb.lk සම්මාන හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය. එමෙන්ම පසුගිය වසරක පමණ කාලය තුළ, සිය තිරසාරත්ව ඉදිරි ගමනේ අරමුණු වලට සමගාමීව, ගනුදෙනුකරුවන්ට හැකිතාක් දුරස්ථ ක්‍රමයට සේවාවන් ලබාගත හැකි ආකාරයට තම වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

2020 BestWeb.lk සම්මාන උළෙලේදීද DFCC බැංකුවේ වෙබ් අඩවියට වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය සම්මානය සමග බැංකුකරණ කාණ්ඩයේ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය (ලෝකඩ සම්මාන) සහ විශිෂ්ටතම සිංහල භාෂා වෙබ් අඩවිය (කුසලතා) යන සම්මාන හිමි විය. BestWeb.lk 2022 අදියර සඳහාද ළඟදීම අයදුම්පත් භාරගැනීමට නියමිතව පවතින අතර, ඒ සඳහාද අයදුම් කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

“2021 BestWeb.lk සම්මාන උළෙලේදී මේ ආකාරයට ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. DFCC වෙබ් අඩවිය යනු, අපගේ සේවාවන් පිළිබඳ තොරතුරු සොයන ගනුදෙනුකරුවන් මුලින්ම පිවිසෙන තැනක්. එම නිසා, ඕනෑම කෙනෙකුට ගැළපෙන ආකාරයට, ජංගම දුරකථන ඔස්සේ වඩාත් පහසුවෙන් පරිශීලනය කළ හැකිවන පරිදි එය සැලසුම් කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ‘W3C Web Content Accessibility’ මාර්ගෝපදේශ මාලාවට අනුව, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පවා ඕනෑම උපාංගයකින් පිවිසිය හැකි ආකාරයට අපගේ වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා. තවද එය භාෂා තුනෙන්ම සැලසුම් කර තිබෙන නිසා, කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට එය පරිශීලනය කිරීමට පුළුවන්. මීට අමතරව, 2021  Google Core Web Vital යාවත්කාලීන කිරීම් වලට අනුකූලව මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමටත් අප කටයුතු කළා.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

Views: 31