ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී ශත 75 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම (AEL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 75ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 13 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 26 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේ මේ දක්වා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 13.30ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ශත 90කින් එනම් 7.26%ක ප්‍රතිශතයකින් ඉහළ නැග තිබුණි.

Visits: 80