එයිට්කන් ස්පෙන්ස් රු. 4.00ක ලාභාංශ නිවේදනයෙන් පසු කොටසක් 13.25%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අද (13දා) දිනය සඳහා නිමා වනවිට එහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 81.20ක් ලෙස සටහන් විය.

එය ඊයේ (12දා) දිනයේ ගනුදෙනු අවසානයේදී එම සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 71.70ට සාපේක්ෂව රුපියල් 9.50ක එනම් 13.25%ක වර්ධනයකි.

ඊයේ දිනයේදී මෙන් අද දිනයේදීත් කොළඹ කොටස් හුවමාරුව පෙරවරු 10.30 සිට දහවල් 12.30 දක්වා පමණක් විවෘතව පැවතුණි.

විශේෂයෙන්ම එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළ ලාභාංශ ගෙවීමේ තීරණය මෙලෙස කොටස් වටිනාකම් ඉහළ යාමට හේතුව වී තිබේ.

මෙම නිවේදනයට අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.00ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී තිබේ.

මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශයක් ලෙසත් සඳහන් වෙයි. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 13 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 24 වැනිදා නම් කෙරී තිබේ. එසේම මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම පවසයි.

Views: 86