“ඉදිරි සති කිහිපය තීරණාත්මකයි” – කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය

ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අතිශය තීරණාත්මක බව කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම සම්බන්ධයෙන් අද පෙරවරුවේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසා සිටියි.

ඒ අනුව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය වෙත එම ඉලක්කය ජයගැනීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවන් වෙත ප්‍රතිචාර දැක්වීම සඳහා තමන් උනන්දුකරවන බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 132