ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු පළමු ඖෂධ සහ සැපයුම් තොගය මෙරටට

මෙරට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටීම වැළැක්වීමේ අරමුණින් ලෝක බැංකු ආධාර යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ශ්‍රී ලංකාව වෙත හිමිවන පළමු ඖෂධ සහ සැපයුම් තොගය අද සන්ධ්‍යාවේදී මෙරටට රැගෙන ඒම සිදු විය.

මෙම ඖෂධ සහ සැපයුම් තොගයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.6ක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි

ශ්‍රී ලංකන් ගුවන් යානාවක් හරහා ඉන්දුනීසියාවේ සිට මෙම ඖෂධ සහ භාණ්ඩ තොගය හිමිව ඇති අතර මෙම හදිසි අවස්ථාවේදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දුනීසියාව වෙත සිය ස්තූතිය පුද කරයි.

එසේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මකවීමට සහ සෞඛ්‍ය අංශයේ සාර්ථකත්වය වෙනුවෙන් තවදුරටත් සම්බන්ධීකරණ සහයෝගය ලබා දෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Views: 57