Amana Takaful Insurance වෙත 23%ක ආදායම් වර්ධනයක්

Amana Takaful PLC (ATI) පවතින වසංගතය හමුවේ වුවද 2021 වසර අවසානයේ සිය විකුණුම් ආදායමේ සැලකිය යුතු 23% ක වර්ධනයක් සමඟ අනෙකුත් විස්තීරණ ආදායමට පෙර  සමූහ ශුද්ධ ලාභයේ 13% ක වැඩිවීමක් ලබා ගැනීමට සමත්වී ඇතැයි පවසයි.

Amana Takaful Insurance හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා, සමූහයේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින්, “ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදීමේ හැකියාවක් පැවතීම ඕනෑම රක්ෂණ සන්නාමයකට අත්‍යවශ්‍යම කරුණක්. Amana Takaful Insurance හටද එය එසේමයි. ATI හි 2021 සමස්ත වාර්ෂික කාර්ය සාධනය 4 වන කාර්තුව තුලින් ශක්තිමත් වුනා. ඒ තුලින් තවත් එක අභියෝගාත්මක සන්ධිස්ථානයක් ජයගැනීමට අපට හැකි වුනා. අපගේ නවතම වාර්තා වලට අනුව  ATI  විසින් රුපියල් මිලියන 250.34 ක, (අනෙකුත් විස්තීරණ ආදායමට පෙර) වාර්ෂික සමූහ ශුද්ධ ලාභයේ 13% ක වැඩිවීමක් ලබාගෙන තිබෙනවා. එම වසරේම, ATI හි සමස්ත වාර්ෂික සමූහ කොටස් මට්ටම ද 2020 හි රුපියල් බිලියන 2.09 සිට 2021 දී රුපියල් බිලියන 2.36 දක්වා 13% කින් ඉහළ ගොස් තිබෙනවා. එසේම ආයතනයක් වශයෙන් අපි අපගේ ක්‍රියාවලිද වැඩිදියුණු කරලා තිබෙනවා. ඒ අනුව අපගේ වැඩිදියුණු කළ හිමිකම් පියවීම් ක්‍රියාවලිය මගින් රු. බිලියන 1.94 ක පියවීම් සිදු කර තිබෙනවා”

ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් සහ Amana Takaful Insurance හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම්

4 වන කාර්තුව තුළ පමණක්, සංවිධානය සිය (කාර්තුමය) සමූහයේ අනෙකුත් විස්තීරණ ආදායමට පෙර ශුද්ධ ලාභය 132% ක වර්ධනයකින් දෙගුණයකට වඩා වැඩි කර ඇත. සාමාන්‍ය රක්‍ෂණ අංශය තුළද 4 වන කාර්තුවේ වර්ධනය,  Q1-Q3 පුරාවටම පවත්වාගෙන ගිය ධනාත්මක ප්‍රවණතාවල ප්‍රතිපලයකි.

“2021 දී Amana General  ශ්‍රී ලාංකේය රක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ වඩා හොඳ කාර්ය සාධනයක් පෙන්නුම් කල ආයතන වලින් එකක්. එසේම රක්‍ෂණ සමාගම 2021 දී 19% ක සමස්ත විකුණුම් වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා. සියලුම වර්ධන සංඛ්‍යාංක කර්මාන්තයේ සාමාන්‍ය අගයන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහලින් පවතිනවා. 2021 වසර තුළ අපගේ වර්ධන වේගයන් දේශීය හා ජාත්‍යන්තර ඇගයීම් රාශියකටද ලක් වුනා. අප අපගේ සියලුම නාලිකා හවුල්කරුවන්ට, අපගේ සේවකයින්ට, අපගේ පාර්ශවකරුවන්ට සහ විශේෂයෙන්ම අපගේ ගනුදෙනුකරුවන්ට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා, ඔවුන් නොමැතිව මෙම ජයග්‍රහණය යථාර්ථයක් නොවන්නට තිබුනා” කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මෙසේ සිය අදහස් ඉදිරිපත් කළේය.

Views: 46