ඩඩ්ලිගේ අරලිය සමාගමේ ‘අරලිය පොහොර‘ ළගදීම වෙළෙඳ පොළට

අරලිය සමූහ සමාගම් යටතේ ක්‍රියාත්මක අරලිය ඇග්‍රෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් නුදුරේදීම සිය අරලිය පොහොර නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව පවසයි.

එම සමූහයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව අනාවරණය කර සිටියි. මෙය රසායනික පොහොර නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීම සැලසුම වී තිබේ.

“ඕනෑම රටක ජාතික ආර්ථිකයක් බිහිකිරීමට පෙර, රටක් තුළ බිහිකළ යුත්තේ දේශීය ව්‍යවසායකයන්ය. එහෙත් වසර හතළිහක පමණ වෙළෙඳ පොළ ආර්ථිකය තුළ බිහිවී ඇත්තේ ව්‍යවසායකයන් නොව ව්‍යාපාරිකයන්ය. මට ඇවසි වන්නේ ඒ ක්‍රමවේදය වෙනස් කරමින් රට තුළ නිෂ්පාදනයන් ඉහළ දැමීමටය.

ශ්‍රී ලාංකේය ගොවිජනතාව වෙත මා විසින් තිළිණකර දීමට නියමිත ‘අරලිය පොහොර’ යනු එම උත්සාහයේ තවත් එක් අග්‍ර ඵලයක්ය.” යනුවෙන් සඳහන් කරයි.

මෙහිදී මෙරට ගොවි ජනතාවට වඩාත් පහසු මිලට පොහොර ලබා දීම මෙම අරලිය පොහොර ව්‍යාපෘතියේ අරමුණ බවත් ඔහු පවසයි.

“සැළසුම් කළ පරිදී අතිශය සහන මිලකට ලාංකේය වෙළඳපොළ අතික්‍රමණය කිරීමට යන අරලිය පොහොර, දේශීය වෙළඳපොළට සාපේක්ෂව විදෙස් වෙළඳපොළද නොබෝ දිනකින්ම අතික්‍රමණය කරනු දැකීම මාගේ මුක්‍ය පරමාර්ථය වන්නේ ඒ නිසාය.”

Visits: 184