ශ්‍රී ලංකා ටෙලිකාම් වෙතින් රුපියල් 2.02 ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.02ක (රුපියල් දෙකයි ශත දෙකක) මුදලක් මෙලෙස ලාභාංශ ලෙස ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීමකි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති අතරත, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස මැයි 12 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම පවසයි. ඒ අනුව එම ලාභෘංශ ගෙවීමේ යෝජනාව ඇතුළත් සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන මැයි 11 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී කොටසක් රුපියල් 41.80ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී එම කොටසක අගය වූ රුපියල් 40.10ට සාපේක්ෂව රුපියල් 1.70ක එනම් 4.24%ක වර්ධනයකි.

Views: 86