බ්‍රවුන්ස් යටතට පත් වූ ක්ලබ් හොටේල් ඩොල්ෆින් නැවත විවෘත කෙරේ
හේමාස් සමූහයට අයත්ව තිබී පසුව LOLC සමුහයේ බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම යටතට පත් වුණු සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමේ ක්ලබ් හොටේල් ඩොල්ෆින් හෝටලය නැවත වරක් උත්සවාකාරයෙන් විවෘත කිරිම පසුගියදා සිදු විය.
ඒ අනුව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමේ සභාපති කපිල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නැවත විවෘත කිරීම සංවිධානය වී තිබේ.
මීට අමතරව බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී එක්සත් විජේරත්න, බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී -අලෙවි සහ අලෙවිකරණ ආඩ්‍රියන් ජාන්ස්, ක්ලබ් හොටේල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය යන හෝටල්හි සාමාන්‍යාධිකාරී සුරේෂ් අතුකෝරාල යන මහත්වරුන්ද මේ අවස්තාවට සහභාගි වී තිබේ.
සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගම යටතේ ඇති මෙම ක්ලබ් හොටේල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය යන හෝටල් පසුගිය කාලසිමාවේදී අලුත්වැඩියාවකට ලක් කිරීමටද LOLC සමූහය පියවර ගෙන තිබුණි.




Hits: 403