ඉෂාර නානායක්කාර අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ සභාපති ධුරයට

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ සභාපතිවරයා ලෙස LOLC සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

පසුගියදා රාජගිරියේ පිහිටි LOLC ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැති අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ කළමනාකරුවන්ගේ විශේෂ හමුවක් අතරවාරයේදී මෙම පත් කරගැනීම සිදුව තිබේ.

මෙම අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම පසුගියදා සියෙරා සමූහයේ සමාගම් කිහිපයකම කොටස් අත්පත් කරගැනීමෙන් අනතුරුව පළමුවරට එම සමාගමේ කළමනාකරුවන්ගේ හමුවක් පැවැත්වීම විශේෂත්වයකි.

ඒ අනුව මෙහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ උප සභාපති වන ඉෂාර නානායක්කාර මහතා අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කරගැනීම සිදු කළ බවත් එම සමාගම සඳහන් කරයි.

එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ කමන්ත අමරසේකර මහතා, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ප්‍රධාන නීති නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා සහ ටෂාලි පෙරේරා මහත්මිය අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර තිබේ.

මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පන්ඩුක වීරසිංහ මහතා අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසටත්, නිමේෂ් පෙරේරා මහතා  විධායක අධ්‍යක්ෂවරයා ලෙසටත් පත් කරගැනීම සිදු කළ බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

පසුගිය ජනවාරි 05 වැනිදා LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සියෙරා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ සියෙරා කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සමාගම තුළ 20%ක් බැගින් තිබූ කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 3.27ක (3,276,427,405.09ක) මුදලකට අලෙවි කිරීම සිදුවිය. .

කෙසේ වෙතත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙලෙස සියෙරා කන්ස්ට්‍රක්ෂන්ස් සහ සියෙරා හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකාරීත්වය අලෙවි කර ලැබුණූ මුදලින් සියෙරා සමූහයේ තවත් සමාගම් කිහිපයකම ආයෝජනය කර ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි.

එම සමාගමට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වෙත අයත් පරිපාලිත සමාගමක් වන ICONIC TRUST (පෞද්) සමාගම හරහා මෙම ආයෝජනයන් සිදු කෙරී තිබේ.

එහිදී සන්සුන් බොටික් (එලිෆන්ට් කොරිඩෝර්) හි 88.46%ක කොටස් ප්‍රතිශතයක් කොටසක් රුපියල් 8.10ක් බැගින් මිලදී ගෙන ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 405,905,123කි.

එසේම සියෙරා ඩිවලොප්මන්ට් ලිමිටඩ් (සියෙරා සමාගම් ගොඩනැගිල්ලේ සමස්ත හිමිකාරීත්වය) රුපියල් 701,563,407කට මිලදී ගෙන තිබේ. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 24.73ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇත.

මේ අතර සියෙරා රෙඩි මික්ස් සමාගමෙහි 85%ක කොටස් ප්‍රතිශතයක් 375,000,000ක මුදලකට මිලදී ගැනීමක්ද මෙහිදී සිදුව තිබේ.

සියෙරා පයිලින්ග් සමාගමේ 100%ක කොටස් ප්‍රතිශතයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් මිලදී ගෙන ඇත්තේ රුපියල් 200,000,000ක වටිනාකමකටයි.

මීට අමතරව සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ 29.50%ක කොටස් ප්‍රතිශතයක් (කොටසක් රුපියල් 11.30ක් බැගින්) මිලදී ගෙන ඇත්තේ රුපියල් බිලියන 1.79ක (1,791,797,687.10ක) මිලකටයි.

එසේම ඇග්ස්ටාර් පීඑල්සී සමාගමේ 43.75%ක සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයක් කොටසක් රුපියල් 8කටත්, නිෂ්ඡන්ද කොටස් 66.66%ක ප්‍රතිශතයක් රුපියල් 4.00ක මුදලකටත් මිලදී ගෙන ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.12 ක් (1,122,910,080කි).

මෙම හමුව සඳහා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන, විධායක නොවන අධ්‍යක්ෂ, LOLC ෆිකෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සහ LOLC ටෙල්නොලොජීස් හි සභාපති කොන්රාඩ් ඩයස්, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන මානව සම්පත් නිලධාරී සහ මතුරට ප්ලාන්ටේෂන්ස්හි විධායක සභාපති ප්‍රදීප් උලුවඩුගේ, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධාන මූල්‍ය නිලධාරී සන්ජීවනී කොටකදෙණිය, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි හි නීති ප්‍රධානී වසන්තා බටගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළුව තවත් නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.

Views: 1720