“ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරිමට අවශ්‍ය නැහැ” – මහ බැංකුව

ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවිමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, ණය ප්‍රතිව්‍යුහගත කිරිම පිළිබඳව ආයෝජකයන් සමගින් සාකච්ඡෘ ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකුව පවසයි.

මෙම ණය ආපසු ගෙවීමේ නොහැකියාව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ සාකච්ඡා සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

“සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමගින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණය ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත සහතික වෙයි.” මහ බැංකුව පවසයි.

ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථක ලෙස පියවිමට මහ බැංකුවට හැකි වූ බවත්, 2020 වසරේ ජනවාරි මස පටන් ඩොලර් බිලියන 2.5ක මුළු වටිනාකමක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර ආපසු ගෙවිම් සමග දැනට නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී ඇති බවත් එය 2022 ජූලි මාසය වනවිට එය එක්සත් ජනපද ඩෙඩාලර් බිලියන 11.55ක් දක්වා තවදුරටත් අඩු වෙනුඇතැයිද මහ බැංකුව පවසයි.

Visits: 362