සියපත ෆිනෑන්ස් පීඑල්සී – DIMO Agribusinesses අත්වැල් බැඳගනියි

සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද බව පවසයි.

එම අවබෝධතා ගිවිසුම අනුව සියපත ෆිනෑන්ස් “Agri Lease” හරහා මෙරට කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් වන DIMO හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය වන DIMO Agribusinesses වෙතින් නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී විශේෂ වාසි රැසක් ලබා දෙයි.

සියපත ෆිනෑන්ස් “Agri Lease” හරහා DIMO Agribusinesses වෙතින් ට‍්‍රැක්ටර්, පසු අස්වනු තාක්ෂණික උපකරණ වැනි කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී අඩුම වාරික ගාස්තු, මාසික හෝ වගා කෙරෙන කන්න අනුව ගනුදෙනුකරුවන්ට පහසු හා නම්‍යශීලී ලෙස නැවත ගෙවීමේ පහසුකම්, ණය ඉල්ලූම් කිරීමේදී අවම ලියකියවිලි සහ කඩිනම් අනුමැතිය හිමිවේ.

එමෙන්ම DIMO Agribusinesses විසින් සියපත ෆිනෑන්ස් පීඑල්සී ගනුදෙනුකාරභවතුන් වෙත යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ වට්ටම්, නොමිලේ ලියාපදිංචි කිරීමේ සේවාව, නොමිලේ පිරිනැමෙන ගොවි උපකරණ කට්ටල, ඔයිල් ෆිල්ටරයක් සමග නොමිලේ සේවා වාර 3 ක් ලබාදෙන අතර තෝරාගත් මාදිලි සඳහා GPS උපාංග ද නොමිලේ ලබා දෙයි.

ගොවි ජනතාවගේ ජීවන රිද්මය ඉතා හොඳින් හඳුනන සියපත ෆිනෑන්ස් පීඑල්සී සහ කෘෂි කාර්මික උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක් වන DIMO Agribusinesses එක්ව අත්සන් තැබූ මෙම අවබබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකීය කෘෂි කර්මාන්තයට පහසුකම් රැුසක් සැලසෙන බව සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලාංකීය කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාවන් මැනවින් හඳුනාගෙන උසස් තත්ත්වයේ කෘෂි යන්ත්‍රෝපකරණ රැසක් හඳුන්වා දී ඇති DIMO Agribusinesses වෙනුවෙන් මෙම අවබබෝධතා ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ DIMO ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ මහතා “DIMO Agribusinesses මහින්ද්‍රා ට‍්‍රැක්ටර්ස්, CLAAS අස්වනු නෙලීමේ උපකරණ යනාදී ලෝකයේ ඉහළම තාක්ෂණයේ හොඳම කෘෂි තාක්ෂණික උපකරණ, යන්ත‍්‍ර සූත‍්‍ර අපේ රටට ආනයනය කොට දිවයින පුරා බෙදාහරිනු ලබනවා. සුප‍්‍රකට විශ්වාසනීය මූල්‍ය සමාගමක් විදිහට සියපත ෆිනෑන්ස් ගොවියාගේ ආර්ථික පසුබිම හඳුනනවා. අපේ ආයතන දෙකේ එකමුතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා සෑහෙන වැඩකොටසක් ඉටුකරන්නට අපිට හැකිවේවි යැයි මා තරයේ විශ්වාස කරනවා. ” යැයි පැවසීය.

Visits: 110