LIOC වෙතින් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිලදී ගැනීමට අනුමැතිය
ලංකා ඉන්දියානු ඔයිල් සමාගමෙන් (LIOC) ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව රජය පවසයි.
අද පෙරවරුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.
මෙහිදී ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් එකී සමාගම සමඟ මීට පෙර සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැව් තොගයක් සැපයීමට ඉන්දියානු තෙල් සමාගම එකඟතාව පළ කර ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේදී අනාවරණය කෙරිණි.

Hits: 88