ප්‍රයිම් සමූහය බත්තරමුල්ල ‘Elinor’ සමගින් තම ‘Signature Lands’ පෙළ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ අසමසම ප්‍රමුඛයාවන ප්‍රයිම් සමූහය, කොස්වත්ත, බත්තරමුල්ල ‘Elinor’ සමගින් සිය නවත ම ඉඩම් සංවර්ධන ව්‍යාපෘති පෙළ හඳුන්වා දී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ඔබින මිල ගණන් යටතේ පුළුල් පරාසයක විහිදුනු දේපොළ පිරිනැමීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම කටයුතු කරයි.

2022 වසරේ ප්‍රථම කාර්තුව තුළ හඳුන්වා දෙනු ලබන ව්‍යාපෘතින් අතර ප්‍රථමයෙන් පාරිභෝගිකයන් වෙත සමීප වන්නේ Elinor වන අතර සීදුව, වරාගොඩ, කුරුනෑගල, අලුත්ගම, වැලිගම, නුවරඑළිය වැනි ලංකාව පුරා පැතිරුණු ප්‍රදේශ ගණනාවක ද ව්‍යපෘති පිහිටා ඇත.

මෙරට අගනගරයවන ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේහි පිහිටා ඇති බත්තරමුල්ල නගරය කොළඹ දිස්ත්‍රික්කයේ වඩාත් ශීඝ්‍රයෙන් සංවර්ධනයවන පරිපාලන, වාණිජ සහ නේවාසික ප්‍රදේශයකි. මෙරට ප්‍රභූ ප්‍රජාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති බත්තරමුල්ල, 80 දශකයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදි කෙරුණු දින පටන් නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසකට හිමිකම් කියූ ප්‍රදේශයකි. ‘Elinor බත්තරමුල්ල’ ව්‍යාපෘතිය යටතේ ඉඩම් කොටස් 41 ක් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමිවන අතර එම ඉඩම් කොටස් පර්චස් 6 සිට 10.8 දක්වා ප්‍රමාණවලින් යුතු වෙයි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා සඳහන් කළේ, මෙම ප්‍රදේශය නේවාසික මෙන්ම ආයෝජන අරමුණු සඳහා ද කදිම අවස්ථාවක් බවය. “වර්තමානයේ බොහෝ දෙනෙක් නේවාසික දේපොළ දිගුකාලීන ආයෝජන ලෙස තෝරා ගන්නවා. පසුගිය වසරක කාලය තුළ අපට නේවාසික දේපොළ සඳහා ඇති ඉල්ලුමේ වර්ධනයක් දැකගත හැකි වුණා. මේ හේතුව නිසා ම අප ඉඩමේ අගය, එහි පිහිටීම සහ ගෞරවනීය වටපිටාව මත පදනම්ව ‘Signature Lands’ ලෙස අපගේ නවත ම කාණ්ඩය හඳුන්වා දීමට කටයුතු කළා. පාරිභෝගිකයින් හට වැඩිම ආයෝජන ප්‍රතිලාභ හිමිකර දෙන්නේ අපගේ දේපොළ මගින් බව නොපැකිළිව සඳහන් කළ හැකියි. මෙම ව්‍යාපෘතිය සඳහා ද අප මෙරට ප්‍රමුඛත ම බැංකු සමග අත්වැල් බැඳ ගනිමින් පාරිභෝගිකයින් සඳහා ණය පහසුකම් ද සලසා දීමට කටයුතු කර තිබෙනවා. ඉඩමේ මුළු වටිනාකමින් 40% ක ප්‍රමාණයක් මූලික ගෙවීම ලෙස සිදුකර ඉතිරිය පොළී රහිතව මාස 18 කින් ගෙවා නිම කළ හැකියි. බත්තරමුල්ල ප්‍රදේශය නාගරීකරණය වීමත් සමග මිලදී ගත හැකි ඉඩම් ප්‍රමාණය ද සීමා වී තිබෙනවා. කොළඹ අවට පදිංචි වීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට මෙය කදිම අවස්ථාවක් බව අපගේ විශ්වාසයයි.”

සුපිරි වෙළෙඳසැල්, බැංකු සහ වෙනත් නාගරික පහසුකම්වලට සමීප බත්තරමුල්ල Elinor ඉඩම් ව්‍යාපෘතිය, කොස්වත්ත හන්දියේ සිට මීටර 300 ක තරම් ආසන්නයේ පිහිටා ඇත. තවද එය බොහෝ වැදගත් රජයේ කාර්යාලවලට සමීපව ද පිහිටා තිබීම විශේෂත්වයකි.

“ප්‍රයිම් සමූහය යනු ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ තිරසර වෙළෙඳපොළ ප්‍රමුඛයායි. තවද එය Moody’s Investors Service සමූහයට අනුබද්ධිත ICRA Lanka ආයතනයේ [A-] Stable ශ්‍රේණිගතකිරීම අඛණ්ඩව දෙවරක් හිමිකර ගත් මෙරට ප්‍රථම සහ එකම දේපොළ වෙළෙඳාම් සමාගම ද වෙයි,” යනුවෙන් රන්දෙණිය මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.

“ප්‍රයිම් සමූහය තම Signature Lands පෙළ තවදුරටත් පුළුල් කරමින් නුදුරේදී ම වැලිගම ව්‍යාපෘතිය ද හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා. සුන්දර වැලිගම වෙරළ තීරයට මුහුණ ලා පිහිටි එම ව්‍යාපෘතිය නිවාඩු හෝ විශ්‍රාමික නිවාසයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට අපේක්ෂාකරන පාරිභෝගිකයින් හට රමණීය අත්දැකීමක් උදාකර දෙන අවස්ථාවක් වනු ඇති බව අපගේ විශ්වාසයයි. එමෙන්ම සුන්දර වටපිටාවකින් සමන්විත නුවරඑළිය ව්‍යාපෘතියත්, මාතර ලබීම ව්‍යාපෘතියත් නුදුරේදී ම හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා,” යනුවෙන් රන්දෙණිය මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

Views: 313