On’Ally Holdings ලාභාංශ නිවේදනයත් සමග කොටසක් 15.29%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත On’Ally Holdings PLC සමාගම ඊයේ (26දා) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමක් නිවේදනය කළේය.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.10ක් බැගින් මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙම ලාභාංශ ගෙවීම 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස පෙබරවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් On’Ally Holdings PLC සමාගම පවසයි.

මේ අතර, ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී On’Ally Holdings PLC සාමාන්‍ය ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 37.70ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 32.70ට සාපේක්ෂව රුපියල් 5.00කින් එනම් 15.29%ක ප්‍රතිශතයකින් ඉහළ යාමකි.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ගනුදෙනු 389ක් හරහා On’Ally Holdings PLC සමාගමේ කොටස් 152,898ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැයෙහි වටිනාකම රුපියල් 5,963,429ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 170