‘ගමට සන්නිවේදනය’ යටතේ එයාර්ටෙල් රත්නපුරයේ තවත් 4G කුළුණක වැඩ අවසන් කරයි

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී.

අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය හා latency ( දත්ත ලැබීම ආරම්භයට ගත වන කාලය අවම වීම) හැකියාව ආදිය ප‍්‍රථම වරට අත්දැකීමට ප‍්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමි වනු ඇත.

එයාර්ටෙල් හි අතිශයින් වැඩිදියුණු කළ ලෝක මට්මමේ 4G ජාල ආවරණය මනා ලෙස භාවිතා කරමින් එම ප‍්‍රදේශයේ ජීවත් වන 33,737 ක සමස්ත ජනතාවට ප‍්‍රශස්ත, ස්ථාවර 4G අත්දැකීමක් බවට මෙය පරිවර්තනය වනු ඇත.

Visits: 76