මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද විවෘත කෙරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) අද (ජනවාරී 15) දින විවෘත කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය මෙලෙස විවෘත කෙරෙන බව රජය පවසයි.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 ක දුරකින් යුක්ත වෙයි.
පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කල මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එසේම මංතීරු 4 ක් යටතේ ඉදිකල මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත. මේ සඳහා රු.බිලියන 149 ක් වැය වී ඇත.
දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදි කර ඇත.




Hits: 129