ශ්‍රී ලංකාවේ ජල මාර්ග ව්‍යාපෘතියකට චීනයේදී නිපදවුණු දැවැන්ත උමං-විදින යන්ත්‍රය
චීනයේ දුම්රිය ඉදිකිරීම් බර යන්ත්‍රෝපකරණ සමාගම (China Railway Construction Heavy Industry Corp. Ltd) මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ දැවැන්ත උමං විදින යන්ත්‍රයේ වැඩ මේවනවිට අවසන්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ඊයේ පණිවුඩයක් තබමින් එම තානාපති කාර්යාලය මේ බව පවසා තිබේ.
එහිදී චීනයේ හුනාන් පළාතේ චැන්ග්ෂා හි පිහිටි එම සමාගමේ කර්මාන්ත පරිශ්‍රයේදී එම දැවැන්ත උමං විදින යන්ත්‍රය නිරාවරණය කිරීමේ අවස්ථාව ඇතුළත් වීඩියෝවක්ද මෙහිදී ඊට ඇතුළත් කර තිබේ.
එහි සඳහන් ආකාරයට මෙම දැවැන්ත උමං විදින යන්ත්‍රයේ ඉදිරිපසින්ම ශ්‍රී ලංකාවේ ධජය නිරූපණය වන ආකාරයට එහි ආවරණය සකස් කිරීමට කටයුතු යොදා තිබේ. එසේම දැන් එය ශ්‍රී ලංකාව වෙත එවීම සඳහා සූදානම් බවත් එම වීඩියෝවේ සඳහන්ව තිබේ.
මීටර් 7.6ක විශ්කම්භයක් සහිත මෙම දැවැන්ත උමං විදුම් යන්ත්‍රය චීන සමාගමක් මගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ජල හැරවුම් ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීම අරමුණ බව ද පැවසෙයි.
මෙය ඉහළ ඇලහැර ඇල මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර තිබේ.
කිලෝමීටර් 27ක දුරකින් යුත් මෙම උමං ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ සිදු කරන දිගුම සහ ඝන පාෂාණ හරහා සිදු කරමින් විදීමේ ව්‍යාපෘතියක් ලෙසින්ද සැලකෙයි.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්තය සහ නියං සහ ගංවතුර තත්ත්වයන් ඇති වීම පාලනය අරමුණ බවත් චීන මාධ්‍ය සඳහන් කරන බව මෙම සටහනේ ඇතුළත්ව තිබේ.
Go, Lion! Go! 🇱🇰🦁
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 7, 2022
A giant tunnel-boring machine (TBM) made by #China Railway Construction Heavy Industry Corp Ltd for #SriLanka rolled off the assembly line in Changsha, Hunan Province on Thursday (7th Jan). pic.twitter.com/5jeOozkP8d

Hits: 263