INSEE සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනයට මූලිකත්වය ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතුකළ සේවාවන් රැසක් මේ වනවිට හඳුන්වා දී ඇතැයි පවසයි.

COVID-19 රෝග වසංගත රෝග ව්‍යාප්තිය නිසා අර්බුදයට ලක් වූ ව්‍යාපාර කටයුතු නැවත නගාසිටුවීමට මෙම පාර්ශ්වයන්ට අත්වැලක් වීම මෙහි අරමුණ වී ඇත.

“අපගේ දූරදර්ශී දැක්ම නිසා, අපගේ පාරිභෝගිකයන්ටබෙහෙවින්වැදගත්වන නව්‍ය හා තිරසාර නිෂ්පාදනහා විසඳුම් රාශියක්එළිදැක්වීමට අපට හැකි වූවා. දැන්මෙම කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතරතුර, ප්‍රතිසාධන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ක්‍රම කෙරෙහි අපඅවධානය යොමු කළ යුතුයි.අපගේ පළපුරුද්ද උපයෝගී කරගනිමින්, වසංගත රෝග ව්‍යාප්තිය අතරතුරදී මෙම කර්මාන්තයෙන් ගිලිහී ගිය ගම්‍යතාව සහ විශ්වාසය නැවත ඇතිකර ගැනීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස අපගේ පාර්ශ්වකරුවන් සියලුමදෙනාට අප ආරාධනා කර සිටිනවා.” INSEE සිමෙන්ති සමාගමේ නිෂ්පාදන හා විසඳුම් ප්‍රධානී ආචාර්ය මූසා බාල්බකි මහතා පැවසී ය.

විවෘත සහයෝගීත්වය සහ දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම කවදත් අවධාරණය කරන  INSEE සිමෙන්ති සමාගම ‘INSEE i2i Innovation to Industry Collaboration Space’ වැඩසටහන දියත් කිරීමට මීට පෙර කටයුතු කළේ ය. ක්ෂේත්‍රයේ සාමාජිකයන් අතර සහයෝගීත්වය වර්ධනය කරන අති-නවීන මධ්‍යස්ථානයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. පොදු වටිනාකම් මත පදනම් වෙමින්, සහයෝගීත්වයෙන් යුතුව, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන සහ කාර්යක්ෂම, තිරසාර විසඳුම් හඳුන්වා දීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණ වී ඇත.

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති i2i Collaboration Space මධ්‍යස්ථානය, ඉංජිනේරුවන්, පර්යේෂකයන්, නවෝත්පාදකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් සමාගම්, සහ කොන්ත්‍රාත්කරුවන් ආදීන් මෙන්ම, ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවට මගපාදන නව සොයාගැනීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති තරගකාරී සමාගම් වෙනුවෙන්ද විවෘත වේ.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට මුල්ම වරට හඳුන්වා දුන් පරීක්ෂණ 15 ක් ඇතුළුව පරීක්ෂණ හා මිනුම් මෙවලම් 50 කට වැඩි සංඛ්‍යාවක් මෙම මධ්‍යස්ථානය තුළදී භාවිතා කළ හැකි ය. එමෙන්ම මෙම මධ්‍යස්ථානය, කොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් සමාගම් වලට තම ව්‍යාපෘති වලදී පිරිවැය මෙන්ම ව්‍යුහාත්මක හා කාර්යසාධන ක්‍රියාපටිපාටි අකුරටම පිළිපැදීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙයි.

කොන්ක්‍රීට් මිශ්‍රණයන් ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් ගත් විට, විවිධාකාර වූ කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් සම්බන්ධ පරාමිති ගණනාවක් ඇගයීම සඳහා සමාකරණය, උසස් තාක්‍ෂණය, පරීක්ෂණ උපකරණ සහ ප්‍රවීණත්වය උපයෝගී කරගනිමින් පුළුල් විසඳුම් ලබා දීමට INSEE i2i මධ්‍යස්ථානයට හැකියාවඇත. එමගින් ව්‍යාපෘතියකමූලික අවධියේදී මිශ්‍රණ සැලසුම් ඇගයීම් මෙන්ම, ඉදිකිරීම් ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ කොන්ත්‍රාත්කරුවන් යනාදීන්ට තම අවශ්‍යතා සපුරාලන ආකාරයේ මිශ්‍රණ නිර්මාණය කරගැනීම සඳහා උපදෙස් ලබා දීම සිදු කෙරේ.

එමෙන්ම INSEE හි i2iවිශේෂඥ උපදේශක කණ්ඩායම, ආකෘති සැලසුම් කිරීම, පරීක්‍ෂණ සිදුකිරීම සහ ප්‍රතිඵල ඇගයීම මත පදනම්ව, කාර්යසාධනය සහ පිරිවැය ප්‍රශස්තකරණය අතර පරිපූර්ණ සමතුලිතතාවක් ඇති කරමින්, ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි.

INSEE හි i2iවෙළඳ ලකුණු හිමි INSEE ConTemp™ තාප ආකෘතිකරණ සමාකරණ මෘදුකාංගය, මිශ්‍ර කිරීමට පෙර මහා පරිමාණ ව්‍යාපෘති වල තාප ආකෘති නිර්මාණය කරයි. මෙමගින් කොන්ත්‍රාත්කරුවන්ට කල්තබා නිවැරදිතීරණගැනීමට හැකිවන නිසා මුදල් මෙන්ම කාලයද ඉතිරි වේ. එමෙන්ම මෙහිදීකොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් සමාගම් වෙනුවෙන්, මූලික තාක්‍ෂණික අංගයන්හි සිට, සකස් කළ කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම් සැලසුම් පුහුණුව දක්වා විවිධ මාතෘකා ආවරණය කරන වැඩමුළු පෞද්ගලික මට්ටමින් සංවිධානය කරනු ලැබේ.

තවද INSEE සමාගම වායු විමෝචන මට්ටම් සහ කර්මාන්තයේ සමස්ත කාබන් පිය සටහන අවම කිරීම සඳහා සිදුකර ඇති ආයෝජනයන් හා උත්සාහයන් කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ප්‍රතිලාභ සලසනු ඇත. අක්කර ගණනාවකකැණීම්නිධිප්‍රතිස්ථාපනයකිරීමේ සිට, මේ වනවිට වෙළඳපොළේ ඇති වඩාත්ම පරිසර හිතකාමී මිශ්‍රිත සංයෝග සිමෙන්ති වර්ගය නිෂ්පාදන කිරීම දක්වා, INSEE සමාගමේ උත්සාහයන් නිසා ඉදිකිරීම් කරුවන්ට අඩු කාබන් පියසටහනක් සමගින් තිරසාර ලෙස තම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබේ.

COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇතිවූ අභියෝග ඉක්මනින් ජයගනිමින්, තම කාර්ය සම්පාදන, බෙදාහැරීම් හා සැපයුම් ජාලයන් ඉක්මනින්මනව තත්ත්වයන්ට අනුගත කරවීමට INSEE සමාගම කටයුතු කළේ ය.

එමෙන්ම පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සංවර්ධන කටයුතු සඳහා දූරදර්ශී ආයෝජනයන් සිදුකරමින්, වඩාත් පිරිමැසුම්දායක, පරිසර හිතකාමී හා තිරසාර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටද සමාගමට හැකියාව ලැබිණි. සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදන වල ප්‍රමිතිය නොවෙනස් ව පවත්වා ගැනීම සඳහා සමාගම කවදත් දැඩිඅවධානයක් යොමුකළ අතර, මේ සියලු උත්සාහයන් ඔස්සේ සමස්තයක් ලෙස මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා INSEE සමාගම කටයුතු කරමින් සිටී.

Views: 97