DFCC බැංකුව මෙවර උත්සව සමය වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් පිරිනමයි

DFCC බැංකුව මෙවර උත්සව සමය වෙනුවෙන් සිය කාඩ්පත් හිමියන්ට වට්ටම් හා දීමනා රැසක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘Santa in your wallet’ යන තේමාව යටතේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින්, දිවයින පුරා පිහිටි අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවකදී DFCC කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද 65% ක් දක්වා ඉතුරුම් හිමිවන අතර, සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සඳහා හිමිවන 1% Cashback දීමනාව සෘජුවම එම කාඩ්පත් හිමියන්ගේ DFCC ගිණුම් වෙත බැරකෙරේ. උත්සව සමයේ තමන් සහ තම නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් භාණ්ඩ හා තෑගිබෝග මිලදී ගන්නා DFCC ගනුදෙනුකරුවන්ට මෙය විශාල සහනයක් වනු ඇත.

මෙම වැඩසටහන යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට උපරිම මාස 36 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම ලබාදීමටද සැලසුම් කර තිබේ. එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇති අතර, අඩු කළ පිරිසැකසුම් ගාස්තුවක් යටතේ එක් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමක ශේෂය වෙනත් ක්‍රෙඩිට් කඩ්පත් ගිණුමක් වෙත මාරු කිරීමේ පහසුකම්ද සලසා දී ඇත.

කාටත් ගැළපෙන බැංකුව වශයෙන් DFCC බැංකුව, තම ගනුදෙනුකරුවන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන අතරම ඔවුන්ට වඩාත් පහසුවෙන් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට සෑම විටම උත්සාහ දරයි. එම උත්සාහය යටතේ, පාරිභෝගිකයන්ගේ මෙන්ම ව්‍යාපාර වල දියුණුවට මහෝපකාරී වන පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ නිරන්තරයෙන් හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “සෑම විටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ඉහළම ප්‍රමුඛත්වයක් ලබාදෙන බැංකුවක් වශයෙන්, උත්සව සමය ඉලක්ක කරගෙන අපගේ කාඩ්පත් හිමියන්ට මෙවැනි පුළුල් පරාසයක පැතිරුණු වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිලදීගෙන, උත්සව සමයේ සතුට හැකි උපරිමයෙන් අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.”

Views: 49