Eco Spindles සිය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය 10%කින් වැඩි කිරීමේ සැලසුමක

PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් වන සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ද වන Eco Spindles රට තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා පරිසර පද්ධතියක් නිර්මාණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇතැයි පවසයි.

මෙම වසරේදී, සමාගම විසින් ප්ලාස්ටික් එකතු කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් සැකසීම, ආයතනික හවුල්කාරිත්ව ජාලයක් නිර්මාණය කිරීම සහ පාරිභෝගික දැනුවත්භාවය වැඩි කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයන් සිදුකර ඇත.

මෙම උත්සාහයන් සාමූහිකව ශ‍්‍රී ලංකාවේ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ අනුපාතය දැනට 15% ක් වන අතර 2022 අවසන් වන විට එය 20% සිට 25% දක්වා ඉහළ නැංවීමට උත්සාහ කරයි.

”ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව අවශ්‍යයි. එහෙයින්, Eco Spindles විසින් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා සමෝධානික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ සංස්කෘතියක් සඳහා අඩිතාලම දැමීමේදී ඉතා වැදගත් බව හඳුනාගෙන තිබෙනවා. රට තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට අවශ්‍ය පාර්ශ්වකරුවන් ගෙන්වා ගැනීමටත් එවැනි පදනමක් ගොඩනඟා ගැනීමටත් අපි සමත් වී තිබෙනවා.’’ යනුවෙන් Eco Spindles Recycling හි ප‍්‍රධාන විධායක නිලධාරී මනෝජ් උඩවත්ත මහතා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රතිචක‍්‍රීයකරණ යටිතල පහසුකම් සඳහා සමාගමේ ආයෝජනය මඟින් Eco Spindles හට ශ‍්‍රී ලංකාව තුළ මාසිකව PET බෝතල් මිලියන 6ක් පමණ රැස් කිරීමට හැකි වේ. සංචාරක කර්මාන්තය යථා තත්වයට පත් වූ පසු මෙය PET බෝතල් මිලියන 9කට වැඩි ප‍්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම PET ප්ලාස්ටික් එකතු කරනු ලබන්නේ ආයතනික සහ අනෙකුත් හවුල්කරුවන්, එකතුකරන්නන් සහ පාරිභෝගිකයින්/නිවාස සඳහා වන බහාලූම් බඳුන් හරහාය. Google Play Store සහ (Apple) App Store හි ඇති ‘Waste 2 Value’ ජංගම යෙදවුම භාවිතයෙන් Drop-off bins ස්ථානගත කළ හැක. දැනට ඒවා බස්නාහිර පළාතේ 400කට වැඩි ප‍්‍රමාණයක් සහ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල 50කට අධික ප‍්‍රමාණයක් ඇත. 2022 වසර අවසන් වන විට, Eco Spindles බස්නාහිර පළාතේ Drop-off bins 700 ක් සහ දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවල 300 ක් තිබීමෙන් මෙම ජාලය දෙගුණයකටත් වඩා වැඩි කිරීමට අදහස් කරයි. දිවයින තුළ මුළු එකතුව 1,000 දක්වා ගෙන ඒම ඉලක්කයයි.

සමාගම විසින් භාවිතා කරන ලද PET බෝතල් ලබා ගැනීම සඳහා එකතුකරන්නන් ජාලයක් යොදවා ඇත. දැනට, එකතු කරන්නන් 500 කට වැඩි පිරිසක් සමාගම සමඟ ලියාපදිංචි වී ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය ශක්තිමත් කිරීමට අමතරව, මෙය වෙරළබඩ ප‍්‍රජාවන් වැනි අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා හොද අමතර ආදායම් මාර්ගයකි. විශේෂයෙන්ම සමාගම PET බෝතල් සඳහා වෙළෙඳපොළේ ඉහළම මිල ගෙවීම ඊට හේතුවයි.

Eco Spindles හි ආයතනික සහ අනෙකුත් හවුල්කරුවන්ගේ ජාලය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. උදාහරණයක් ලෙස, සමාගම විසින් පාසල්, හෝටල්, ආපනශාලා, පොදු උද්‍යාන, පොලිස් ස්ථාන සහ බස් නැවතුම් පොළ වැනි ස්ථානවල තමන්ගේම වියදමින් හෝ හවුල්කරුවන්ගේ සහාය ඇතිව විශාල ලෝහ බඳුන් (PET බෝතල් 1,500ක් තබා ගත හැකි) ස්ථානගත කර ඇත. හවුල්කරු බඳුනේ පිරිවැය දරන අවස්ථා වලදී, Eco Spindles එකතුකරන්නන්ට ඔවුන්ගේ වේතන අනුපාතය වැඩි කිරීමෙන් ඉතිරිකිරීම් ලබා දෙයි. බඳුන් ප‍්‍රශස්ත මට්ටමින් ක‍්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා බාහිර හවුල්කරුවෙකු ගිවිසුම් ගත කර ඇත.

සමාගම විසින් ද්‍රව්‍ය ප‍්‍රතිසාධන පහසුකම් (MRF) මධ්‍යස්ථාන 3ක් ද පිහිටුවා ඇති අතර, 4 වන MRF මධ්‍යස්ථානය 2022 මාර්තු වන විට පැලවත්තේ දී විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය සංවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට සහ එකතු කරන ලද PET බෝතල් සැකසීමට උපකාරී වේ. එබැවින්, අනෙකුත් අපද්‍රව්‍ය ඔවුන්ගේ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන ආයතනවලට වෙනත් අපද්‍රව්‍ය අලෙවි කළ හැකි බැවින්, ඔවුන් MRF ක‍්‍රියාකරුවන්ට අමතර ආදායම් මාර්ග ද සපයයි.

Coca-Cola Beverages Sri Lanka ආයතනික හවුල්කරුවෙකු ලෙස රත්නපුරයේ සහ පානදුරේ MRF මධ්‍යස්ථාන දෙක සඳහා සහය දක්වන අතර අනෙක මීගමුවේ පිහිටා ඇත. මීට අමතරව Eco Spindles හට රට පුරා PET සැකසුම් මධ්‍යස්ථාන 19ක් ජාලගත කර ඇත. මෙම ජාලය හරහා PET බෝතල් හොරණ Eco Spindles ප‍්‍රතිචක‍්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත ප‍්‍රවාහනය කිරීමට පෙර ඝන කුට්ටිවලට සම්පීඩනය කරයි.

ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා එකතු කරන PET බෝතල් ප‍්‍රමාණය වැඩි කරන මෙම වැඩපිළිවෙලට සමගාමීව, Eco Spindles ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET භාවිතයෙන් නූල් නිෂ්පාදනය කිරීමේ හැකියාව තවදුරටත් ඉහළ නංවයි. දැනට, ධාරිතාවය මාසිකව PET බෝතල් මිලියන 1.95 ක් පමණ වන අතර, මෙය නව නූල් කම්හලක් ආරම්භ කිරීමත් සමඟ 2022 මාර්තු වන විට PET බෝතල් මිලියන 4.5 දක්වා වඩා වැඩි වනු ඇත.

මේ හරහා රට තුළ PET බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ශක්තිමත් පදනමක් දමා ඇති අතර, මෙම ප‍්‍රයත්නයන් තවදුරටත් පුළුල් කිරීම සඳහා අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහාය අවශ්‍ය වේ. විශේෂයෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා අපද්‍රව්‍ය කොටස් කිරීම වැනි අංශ පිළිබඳව නිවාසියන් අතර දැනුවත්භාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. සමස්ත නිෂ්පාදනයම ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට හැකි වන පරිදි පාරිභෝගික නිෂ්පාදන සැලසුම් කිරීම වැඩිදියුණු කිරීම ද ඉතා වැදගත් වේ. එහිදී, නීති සම්පාදනය සහ රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ සහාය අවශ්‍ය වන බවත් Eco Spindles පවසයි.

Visits: 123