ජනශක්ති ඉන්ෂුවරන්ස් අද සිට CSE හි දිරිසවි පුවරුවට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (JINS.N0000) එහි ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කර ඇති සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් දිරිසවි පුවරුව වෙත හුවමාරු කිරීමක් සිදු කරන බව පවසයි.

ඒ අනුව අද (දෙසැම්බර් 24) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම හුවමාරුව සිදු කෙරී ඇත. මෙහිදී එම සමාගමේ ඉල්ලීමකට අනුව අදාළ ඡන්ද හිමි කොටස් මෙලෙස හුවමාරුව සිදු කෙරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

2021 ඔක්තෝබර් 31 වැනිදා වනවිට GICS කාණ්ඩ 19ක් යටතේ සමාගම් 288ක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව සිටියි. ඒ අනුව එම සමාගම් ප්‍රධාන පුවරුව, දිරිසවි පුවරුව, එම්පවර් පුවරුව සහ ද්විතියක පුවරුව යන පුවරු තුළ ලැයිස්තුගතව සිටියි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ කොටසක අගය 29.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 27.90ට සාපේක්ෂව රුපියල් 2.00ක එනම් 7.17%ක ඉහළ යාමකි.

Views: 308