OPPO INNO Day 2021 හිදී අති නවීනතම සහ උසස්ම NPU – MariSilicon X තාක්ෂණය එළිදක්වයි

OPPO විසින් නිර්මාණය කරන ලද අති නවීන imaging NPU – MariSilicon X තාක්ෂණය 2021 දෙසැම්බර් 14 සහ 15 යන දෙදින තුළ පැවති OPPO INNO Day හිදී නිල වශයෙන් නිවේදනය කරන ලදී.

6nm ක්‍රියාවලි තාක්ෂණය මත ගොඩනගා ඇති, MariSilicon X advanced NPU, ISP සහ multi-tier memory architecture හි සුසංයෝගයෙන් විශ්මිත සුපිරි ක්‍රියාකාරිත්වයක් සහ ශක්ති කාර්යක්ෂමතාවයක් ලබාදී real-time RAW processing හරහා විශ්මිත 4K AI Night Video, live preview සමඟින් ලබා දෙයි.

MariSilicon X 2022 පළමු කාර්තුවේදී Find Xකාණ්ඩය සමඟින් පාරිභෝගිකයන්ට භාවිතා කල හැකියි.

ඡායාරූප ලබාගැනීමේ තාක්ෂණයේ නිම්වළලු පුළුල් කිරීමට දශකයකට වැඩි කාලයක් පළපුරුද්ද සමඟ, කැමරා මාදිලි, කාච සහ algorithm සම්බන්ධ මෙම ක්ෂේත්‍රයේ දැවැන්තම සහ සුවිශේෂීම නව නිර්මාණ රැසක් පිටුපස OPPO සිටින බව OPPO හි ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂ Jiang Bo මහතා මෙම උත්සවයේදී ප්‍රකාශ කළේය.

“අපගේ අති නවීනතම Imaging NPU යනු අප මෙතෙක් ගෙන ඇති විශාලතම නවෝත්පාදනය වන අතර එය ජංගම දුරකථන ඡායාරූප පද්ධති සඳහා වැඩි බලයක් ගෙන එන අතර අපගේ පාරිභෝගිකයන්ට අසාමාන්‍ය අත්දැකීමක් නිර්මාණය කරනු ඇත” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

MariSilicon X හි NPU තත්පරයකට ට්‍රිලියන 18ක ක්‍රියාකාරිත්වයක් (TOPS) ලබා දෙන අතර AI ඇල්ගොරිතම වලට සහය වීමට අවශ්‍ය සංගණක බලයට වඩා අතිශයින්ම වැඩිය. NPU විශ්මිත බල කාර්යක්ෂමතාවයක් සමඟින් බැටරිය බැස යාමකින් තොරව ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. NPU හි සුවිශේෂී tera-bps memory subsystem එකකින්ද සමන්විත වන අතර storage and processing units අතර දත්ත නැවත නැවත copy කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු කරයි.

MariSilicon X අමතර bandwidth එකක් සහිත DDR සමඟ අනවශ්‍ය ලෙස නැවත නැවත read-write cycles නිසා සිදුවන ප්‍රමාදයන් බෙහෙවින් අවම කරන අතර විදුලි පරිභෝජනය අඩු කරයි.

OPPO හි AI Noise Reduction Algorithm ධාවනය කරන විට, MariSilicon X මඟින් OPPO Find X3 Pro ට වඩා 20 ගුණයක් වේගවත් ක්‍රියාකාරිත්වයක් ලබා ගත හැක. MariSilicon X හට සෑම රාමුවකටම සංකීර්ණ වැඩිදියුණු කිරීම් යෙදීමෙන් එකම කාලයේදී 4K AI රාත්‍රී වීඩියෝ ග්‍රහණය කර ගත හැක.

MariSilicon X සතුව ප්‍රබල ISP එකක් ඇති අතර එමඟින් ඇදහිය නොහැකි 20bit 120db වේගවත් පරාසයකින් ඡායාරූප ග්‍රහණය කර ගැනීමට හැකි අතර එය Find X3 Pro වලට වඩා 4 ගුණයක් වේගවත්ය. එය රූපයේ දීප්තිමත්ම සහ අඳුරුතම ප්‍රදේශ අතර 1,000,000:1 contrast ratio එකක් ලබා දීම මඟින් ඡායාරූප නියම සජීවී ප්‍රමිතියෙන්ම ලබාගනී.

එහි විශාල පරිගණන බලය සහ ඉහළ දත්ත ප්‍රතිදානය සුසංයෝගය MariSilicon X විසින් imaging pipeline හි විප්ලවීය වෙනසක් ඇති කරයි, එමඟින් මුල් ඡායාරූප දත්ත සැකසීමෙන්, ඡායාරූප සඳහා 8dB signal -to-noise ratio එකක් ලබා ගනිමින්, සංඛ්‍යාත්මක පරිගණන ඡායාරූපකරණය සඳහා නව ලෝකයක් විවෘත කරයි.

Dual Image Pipeline design සහ double raw super sampling භාවිතා කරමින්, MariSilicon X විසින් OPPO හි RGBW sensor හි උපරිම ක්‍රියාකාරිත්වයට කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස texture quality 1.7 ගුණයකින් වැඩි දියුණු කිරීමට අමතරව signal-to-noise ratio 8.6dB වැඩි දියුණු කිරීමෙන් ඡායාරූප සහ වීඩියෝ වල තත්ත්වය ඉතා ප්‍රබල ලෙස උසස් කරයි.

MariSilicon X computational photography හි නව යුගයක් සනිටුහන් කරයි. වේගවත් ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමතාව යන දෙකෙහිම එකතුවෙන්, එය පැහැදිලි සහ තියුණු වීඩියෝ නිර්මාණය කිරීම සඳහා බලය මුදාහරියි. එය විශාල ගතික පරාසයක් සහ වඩා හොඳ වර්ණ ප්‍රමිතියකින් ද සමන්විත වන අතර, එක් එක් රාමුව නිශ්චල ඡායාරූපයක් ලෙස ඉතා විශිෂ්ට තත්වයකින් ලබාදෙයි. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල 4K AI HDR night video ලබා ගත හැකි පළමු අවස්ථාව එයයි.

MariSilicon X, 2022 පළමු කාර්තුවේදී Find X Series හරහා පළමු පාරිභෝගික හඳුන්වාදීම සිදු කරනු ඇති අතර, එය ස්මාර්ට් ජංගම දුරකථන මඟින් ඡායා රූපකරණයේ වඩාත් ප්‍රබල විශිෂ්ට අත්දැකීමක් ගෙන එනු ඇත.

Views: 34