ලංකා ඉන්දියන් ඔයිල් ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) මගින් ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඉන්ධන මිල අද දිනයේ සිට ඉහළ නංවන බව නිවේදනය කර සිටියි.

ඒ අනුව 92 ඔක්ටේන් පැට්‍රල් ලීටරයක් රුපියල් 15කින්, 95 ඔක්ටේන් ලීටරයක් රුපියල් 23කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 07කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමට සමාගම තීරණය කර ඇත.

මේ සමගම එම ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන 92 ඔක්ටේන් පැට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක්, 95 ඔක්ටේන් ලීටරයක් රුපියල් 210ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 159ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Visits: 98