hSENID Business Solutions මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කෙරුණු hSENID Business Solutions සමාගමෙහි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අද පෙරවරුව වන විටම අධි දායකත්වයක් හිමිව තිබූ බව එම සමාගම පවසයි.

ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කොටස් 55,339,076ක් මිලදී ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත්ව තිබූ බවත්, එහි වටිනාකම රුපියල් 691,738,450ක් වන බවත් සමාගම සඳහන් කරයි.

මේ අධි ඉල්ලුමත් සමගින්ම අද පස්වරු 4.30ට මෙම මූලික මහජන කොටස් නිකුතුව මිලදී ගැනීමේ අවස්ථාව වසා දැමීමටත්  hSENID Business Solutions සමාගම තීරණය කර තිබුණි. එහිදී එම අවස්ථාව වන තුරුම ඉදිරිපත්වන ඉල්ලුම් පත්‍ර වෙනුවෙන් අවස්ථාව ලබා දිමටත් සමාගම කටයුතු කළ බව පවසයි.

මෙහිදී සමාගම මගින් සිය නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,339,076ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබූ අතර, එහිදී කොටසක් රුපියල් 12.50ක් බැගින් මිල කෙරී තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේ ප්‍රධාන කළමනාකරුවන් ලෙස NDB Investment බැංකුව කටයුතු කරන අතර, සම කළමනාකරුවන් ලෙස CT CLSA Capital (පෞද්) සමාගම ක්‍රියා කෙරිණි.

hSENID Business Solutions Ltd සමාගම ව්‍යාපාර සඳහා මානව සම්පත් මෘදුකාංග විසඳුම් ලබා දෙන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස හඳුනාගෙන තිබේ.

Views: 487