“OPPO INNO DAY” 2021 දෙසැම්බර් 14-15 Virtual INNO WORLD හිදී

OPPO විසින් වාර්ෂිකව පවත්වනු ලබන “OPPO INNO DAY”, 2021 දෙසැම්බර් 14-15 දිනවල චීනයේ Shenzhenහි පවත්වන බව නිවේදනය කර සිටියි.

උපාය මාර්ග නව්‍යකරණයන් බෙදාහදා ගැනීමට සහ තාක්ෂණික ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීමට, OPPO හි සුවිශේෂී වාර්ෂික තාක්ෂණික ඉසව්ව ලෙස, OPPO INNO DAY 2021 උත්සවය සංවිධානය වෙයි.

ඊට අමතරව එහි ජාලගත ඉසව්ව වන OPPO INNO WORLD හරහා ලොව පුරා සහභාගිවන්නන් විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ. මෙම ජාලගත ඉසව්ව මෑත කාලයේ සහභාගී වන්නන් තදින්ම ඇද බැඳ තබාගත් අන්තර්ජාලගත හඳුන්වාදීමේ ඉසව්වක් ලෙස වාර්තා වෙයි.

2019 වසරේ OPPO INNO DAY ආරම්භ වූ දා සිට, මෙම සිදුවීම සමාගමේ වැඩ පිළිවෙලේ ප්‍රමුඛතම අංගය ලෙස සැලකේ. සමාරම්භක OPPO INNO DAY 2019 හිදී, OPPO විසින් AR Glasses, 5G CPE සහ smartwatch ඇතුළු අති නවීන තාක්ෂණයන්හි ඒකාබද්ධ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලදී.

පසුගිය වසරේ, OPPO විසින් විප්ලවීය හැකිලීමට හැකි දුරකථනයක් ඇතුළුව සංකල්පීය නිෂ්පාදන තුනක් ප්‍රදර්ශනය කරන ලදී. 2021 සඳහා, OPPO විසින් ආරම්භක උත්සවය සහ ප්‍රදර්ශන ඩිජිටල්කරණය කරමින්, සාම්ප්‍රදායික සිදුවීම virtual අත්දැකීම් සහිත විනෝදාත්මක සහ සහභාගී වන්නන් අද බැඳ තබාගන්නා උත්සවයක් බවට පරිවර්තනය කරයි.

OPPO INNO WORLD යනු OPPO INNO DAY 2021 හි virtual වේදිකාවයි. OPPO INNO WORLD හි අමුත්තන්ට තම අභිමතය පරිදි නිර්මාණය කළ avatars සමඟ අන්තර්ජාලගත ලෙස ආරම්භක උත්සවයට සම්බන්ධ විය හැක.

එපමණක් නොව, ඔවුන්ට සියලු virtual ප්‍රදර්ශන ශාලා නැරඹීමට අවස්ථාව ලබා දී ඇත. තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කල avatars භාවිතා කිරීමෙන්, අමුත්තන්ට virtual ලෝකයේ සැඟවී එකිනෙකා සමඟ සමාජගත වීමට ආරාධනා කළ හැකිය. OPPO INNO WORLD වෙත දෙසැම්බර් 14 සිට සම්පූර්ණයෙන්ම ප්‍රවේශ විය හැක.

OPPO හි නවතම තාක්ෂණික ජයග්‍රහණ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට සහ දෙසැම්බර් 14-15 දින OPPO INNO WORLD වෙත පිවිසීමට ඔබේම ්ඩ්ඒර එකක් සාදා ගන්නා ආකාරය සොයා ගැනීමට https://www.oppo.com/en/events/innoday2021/oppoinnoday_en/ වෙත පිවිසෙන්න.

Visits: 64