සුවිශේෂී දීමනා රැසක් සමඟින් SAMSUNG “Upgrade Festival” ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතරට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගික ජනතාවට හොඳම දීමනා ලබා දීම සඳහා ‘’Samsung Upgrade Festival’’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව පවසයි.

එය මෙරට ප‍්‍රථම සහ විශාලතම Home Upgrade ප‍්‍රවර්ධන වැඩසටහන වේ. මෙවර උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සුවිශේෂ දීමනා ලබා දෙමින් මෙරට සියලූම ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට ඔවුන් සූදානමින් සිටී.

නොවැම්බර් 5 වන දින දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2021 දෙසැම්බර් 31 දක්වා ක‍්‍රියාත්මක වන අතර ඒ හරහා පාරිභෝගිකයින්ට රු. මිලියන 140 ක් දක්වා වටිනාකමින් යුත් ත්‍යාග හිමිකර ගැනීමට හැකිය.

එළැඹෙන උත්සව සමයට උද්යෝගයක් එක් කරමින් දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා සිටින ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ සැල් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා හා මාස 60ක් දක්වා වූ මාසික වාරික සැලසුම් සහිත ආකර්ෂණීය ගෙවීම් ක‍්‍රම සමඟින් තමන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘’මෙම උත්සව සමය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස් වැඩිදියුණු කිරීමට ඉතා හොඳ අවස්ථාවක්. නිවසේ වැඩි කාලයක් ගත කිරීම නිසා පාරිභෝගිකයින් ඔවුන් දැඩි කැමැත්තක් දක්වන දේවල් පරිවර්තනයකට ලක් වී තිබෙන අතර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන ගෘහෝපකරණ සඳහා ඉල්ලූම ඉහළ යාමට එය හේතු වී තිබෙනවා. Smart TVs, විශාල ධාරිතාවයකින් යුත් ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මයික්‍රෝවේව් සඳහා ඉල්ලූම ද ඉහළ ගොස් ඇති බවක් අප දුටුවා. මෙම කාලය තුළ පවුලේ සියලූම සාමාජිකයන් රැකියා හා ඉගෙනීමේ කටයුතු කිරීමට අඛණ්ඩව නිවෙසේ රැඳෙන බැවින් ඔවුන් උසස් තත්වයේ වායු සමීකරණ මිලදී ගැනීමේ ප‍්‍රවණතාවක් ද තිබෙනවා. Samsung Upgrade Festival හා හඳුන්වා දී ඇති දීමනා සමඟින් ඔබට මෙවර උත්සව සමය වඩාත් සුවිශේෂී සහ මතකයේ රැඳෙන්නක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි. වවුචර් පත්, දීමනා පැකේජ සහ පහසු ගෙවීමේ ක‍්‍රම වැනි අමතර ප‍්‍රතිලාභ රැසක් සමඟින් ඔබගේ ජීවිතය වඩාත් පහසු කරන අපගේ නව්‍ය නිෂ්පාදන මාලාවන් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසුවේය.

Samsung Upgrade Festival හරහා රු. 2,500 සිට රු.5,000 දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ වායු සමීකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය. එසේම රුපියල් 99,999 වටිනා Sound bar වැනි විශේෂ දීමනා පැකේජයක් හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ.

Views: 82