කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි වෙතින් රුපියල් 2.50ක ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.
මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සඳහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 29 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි සමාගම පවසයි.
ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි සමාගමේ කොටසක වටිනාකම රුපියල් 144ක් ලෙස සටහන්ව තිබුණි.
කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් බවට පත්ව ඇත්තේ 1983 වසරේදීය. 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් ඇත්තේ කොමර්ෂල් බැංකුව වෙතයි. එය කොටස් 10,800,000ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 90%කි. එසේම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,404කි. 2019 අවසන් වන විට එය රුපියල් මිලියන 949.2ක් ලෙස පැවතුණි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 247