‘2022 අයවැය – විද්වත් මත විමසුම’ නොවැ. 12 වැනිදා සවස 6.30ට
ලබන නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත 2022 වසරේ අයවැයට සමගාමීව වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පවත්වන විද්වත් මත විමසුම එදින සවස 6.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
12 වැනිදා අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි උණුසුම මැකී යන්නටත් පෙරම, අයවැය කතාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට බර තබන, රටේ අනාගතය එම යෝජනා ප්‍රචාරකව කවරාකාරයෙන් තීරණය වනු ඇතිද යන්න ගැන මෙම වැඩසටහන මගින් සාකච්ඡා කෙරෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
මෙම වැඩසටහන වෙත – fb.me/e/1f0Bp2vYV යන සබැදිය හරහා ෆේස්බුක් ලයිව් ඔස්සේ සජීවීව සම්බන්ධ වීමේ අවස්ථාව පවතී.
වෙරිටේ රිසර්ච් පර්යේෂණ අධ්‍යක්ෂ දේශාල් ද මෙල් සහ පර්යේෂණ සහකාර සෙනිත් අබේනායකගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගි වෙයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී – කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ලංකා වාණිජ සභාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු, ඇඩ්වොකාටා ආයතනයේ ජ්‍යෙෂ්ට පර්යේෂිකා රොෂාන් පෙරේරා, වෙරිටේ රිසර්ච් උපදේශක ආචාර්ය මික් මෝර්, එන්ජිනියුටීඒඅයි ආයතනයේ විධායක නොවන සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සම්පත්දායකත්වය ලබා දෙයි.

Hits: 93