Q+ ගෙවීමේ ඇප් පහසුකමෙන් වීසා කාඩ්පත් ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ‘කෑෂ් බෑක්’ ප්‍රතිලාභයක්

Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඞ්පත් භාවිතා කරමින් ගෙවීම් කිරීමේදී කාඞ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30% ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී ඇතැයි පවසයි.

2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන් අතර LANKAQR ගනුදෙනු ප‍්‍රචලිත කිරීම සඳහා වීසා සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පවත්වන පළමු ප‍්‍රවර්ධන වැඩසටහන වේ. www.combank.lk වෙබ් අඩවියේ ‘Rewards and Promotions’කොටසට ගොස් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ තොරතුරු සහ කොන්දේසි පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත හැකි බව බැංකුව සඳහන් කරයි. මේ අනුව,Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR ස්කෑන් කර වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම බැංකුවක් තුළින් ගෙවීම් කර කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් ප‍්‍රතිලාභ ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි. 

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකුවේ වීසා ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් භාවිතා කරන්නන් මෙසේ සිදුකරන පළමු ගනුදෙනු තුන සඳහා 30% ක මුදලක් ආපසු හිමිවන බවත් එම මුදල එක් ගනුදෙනුවක් රුපියල් 300 ක උපරිමයකට යටත් වන බව බැංකුව සඳහන් කරයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR ස්කෑන් කර මොබිටෙල් බිල්පත් ගෙවීමේදී ද මෙම ප‍්‍රතිලාභය හිමිවන බව ද බැංකුව පවසයි.

වීසා කාඞ්පත් හිමියන් අතර LANKAQR ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මුදල් නොවන ගනුදෙනු ප‍්‍රවර්ධනය කරනවාට අමතරව අද වනවිට ඉතාමත් ආරක්ෂාකාරී ගෙවීම් විකල්පයක් බවට පත්වී තිබෙන ස්පර්ශයෙන් තොර ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම,Q+ ගෙවීම් ඇප් පහසුකම මගින් ගනුදෙනුවක් සිදුකළ විටම ඒ පිළිබඳව පණිවුඩයක් ගනුදෙනුකරුවාට එවනවා. මීට අමතරව, නිවසේ සිට  ඕනෑම වේලාවක පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගෙවීම් කිරීමට මෙමගින් අවස්ථාව ලබාදී තිබෙනවා.’ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වීසා නේවාසික කළමනාකාරිණී, අවන්ති කොළඹගේ මෙනෙවිය මෙසේ අදහස් දැක්වූවාය. ‘QR ගෙවීම් ගනුදෙනුරුවාටත් වෙළෙන්දාටත් ඉතාමත් පහසු සරල ගෙවීම් ක‍්‍රමයක්. ඩිජිටල් ගෙවීම් කිරීමේදී වීසා විසින් ලබාදෙන පහසුව, ආරක්ෂාව කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ටත් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමග ඒකාබද්ධ වීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. බැංකුවේ Q+  ගෙවීම් ඇප් පහසුකම ඔස්සේ වීසා කාඞ්පත් භාවිතා කරමින් ඩිජිටල් ගෙවීම් කරන බොහෝ ගනුදෙනුකරුවන්ට මේ තුළින් සහයෝගයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.’

Views: 51