INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීමට සිය මෙහෙයුම් සඳහා තවත් නැව් දෙකක් එක් කරගනියි

වර්තමානය වන විට ටොන් මිලියන 3.6 ක උපරිම නිෂ්පාදන හා ආනයන ධාරිතාවකින් යුක්ත වන INSEE සිමෙන්ති සමාගම දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මගහරවා ගනිමින් සිය ආනයන ආශ්‍රිත මෙහෙයුම් කටයුතු ක්‍රමවත් කිරීම සඳහා තවත් නැව් දෙකක් එක් කරගෙන ඇතැයි පවසයි.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමත් සමග ම සිමෙන්ති ආනයනය කරන ආයතනවල මෙහෙයුම් කටයුතු එකවරම පහත වැටුණු අතර එම නිසා මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය විය.

මෙරට එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වශයෙන් INSEE සිමෙන්ති සමාගම පසුගිය කාලවකවානුව පුරා රට තුළ පවතින සිමෙන්ති හිඟයට හැකි උපරිමයෙන් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව පවසයි..

INSEE සිමෙන්ති ආයතනයේප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝනවරෝ මහතාමේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත වැඩකටයුතුකිසිඳු බාධාවකින් තොරව, සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සහයෝගය ලබා දීම සඳහා INSEE සිමෙන්ති ආයතනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තම උපරිම නිෂ්පාදන ධාරිතාව ලබා දීමට කැපවෙනවා. දේශීය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ආනයනකරුවන් තමන් සතු සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් රට තුළ කෘත්‍රිමසිමෙන්ති හිඟයක් නිර්මාණය කළා.  

අවාසනාවකට පවතින තත්ත්වය මත සිමෙන්ති අපනයනය කරන විදේශ නිෂ්පාදකයින්ට   තම රටවල ඉල්ලුම පවා සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන නිසා මෙරටට සිමෙන්ති ආනයනය කිරීම බිඳවැටීම හේතුවෙන් දේශීය සැපයුම් දාමය නැවත පණ ගැන්වීමට අපහසු තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ නිසා අද රජය පාලන මිල ඉවත් කළත් රට තුළ සිමෙන්ති  හිඟයක් පවතිනවා. අපගේ සංවිධානගත මෙහෙයුමට තවත් අමතර ආනයන යාත්‍රා දෙකක් එක්කිරීමෙන් මෙම අභියෝගයට යම් තරමකින් හෝ විසඳුම් ලබා දීමට INSEE සිමෙන්ති ආයතනය උත්සාහ කරනවා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියි.

ආනයන කටයුතු සඳහා අතිරේක යාත්‍රා දෙකක් යෙදවීමට අමතරව, INSEE සිමෙන්ති ආයතනය සිය පාරිභෝගික ප්‍රජාව වෙත නිෂ්පාදන සැපයුම අඛණ්ඩව සිදුකිරීම සඳහා මෙන් ම, INSEE නිෂ්පාදන වෙත ආකර්ෂණය වෙමින් සිටින  පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා සිය සැපයුම් හා බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයිද පවසයි.

INSEE සිමෙන්ති නිෂ්පාදන අතරින් සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස් යන ගෘහස්ථ සිමෙන්ති නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලාංකේය ආකල්පය පිළිබඳව එම සමාගම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් පවසයි.

මේ අතර ආනයනික සිමෙන්ති මත යැපීම අඩු කළ යුතු බව විශ්වාස කරන INSEE සිමෙන්ති ආයතනය සිය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් රට තුළ දැනට පවතින සිමෙන්ති හිඟයට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

ඊට සමගාමීව පුත්තලම සහ ගාල්ල යන ප්‍රදේශවල පිහිටි සිය කම්හල් දෙකෙහි ගෘහස්ථ නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට සහ ප්‍රශස්ත කිරීමට එම ආයතනය අපේක්ෂා කරයි.  නිරන්තරයෙන් සිය පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සැලසීම සඳහා කැපවන INSEE සිමෙන්ති ආයතනය රට තුළ පවතින සිමෙන්ති හිඟය හැකි ඉක්මණින් නිමා කිරීම සඳහා විසඳුම් ලබා දෙන බව අවධාරණය කරයි.

Views: 267