Eco Spindles සමාගම ‘IFS යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක්‘ සම්මානය දිනූ ආසියාවේ එකම සමාගම වෙයි

Eco Spindles සමාගම ‘තිරසාරත්වය සඳහා වඩාත් නවෝත්පාදන විසඳුම’ යන කාණ්ඩයේ IFS හි ‘යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් ජාත්‍යන්තර සම්මානය‘ දිනා ගත් එකම ආසියානු සමාගම බවට පත්ව ඇතැයි පවසයි.

BPPL Holdings හි අනුබද්ධිත සමාගමක් වන Eco Spindles යනු PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් වන අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ද වෙයි.

ලෝකයේ පිළිගත් cloud enterprise විසඳුම් සපයන්නෙකු වන IFS, 2021 ජුලි මාසයේදී මෙම IFS යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් සම්මාන උළෙල හඳුන්වා දුන්නේය. මෙම වාර්ෂික සම්මාන උළෙලේ අරමුණ වන්නේ IFS සිය සේවාදායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර වඩාත් තිරසාරව පවත්වා ගෙන යාමට උපකාර කරන අතරම අනෙක් සමාගම් ද එසේ කිරීමට දිරිමත් කිරීමයි.

එක්සත් ජාතීන්ගේ සාගර පිළිබඳ අනුග‍්‍රාහකයෙකු සහ IFS හි තිරසාර බව පිළිබඳ නව තානාපති, ලූවී පියු, Microsoft හි තිරසාර බව පිළිබඳව අධ්‍යක්ෂ, මිෂෙල් ලැන්කැස්ටර් සහ සහ techUK හි සභාපති, ව්‍යාපාරික උපදේශිකා ජැකලින් ඩි රොහාස් යන අයගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සම්මානය සඳහා කළ ඉදිරිපත් කිරීම් විනිශ්චය කරන ලදී.

‘Best use of IFS technology in a sustainability initiative,’ සඳහා Rolls Royce (එක්සත් රාජධානිය) ද, ‘Journey of transformation to a sustainable business’ සඳහා Climate for Life Climate for Life (නෙදර්ලන්තය) ද, ‘Social Impact’ සඳහා Natures Path (කැනඩාව) සහ ‘Individual Contribution’ සඳහා Wrightbus (උතුරු අයර්ලන්තය) ද යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් සම්මාන උළෙලේ අනෙකුත් ජයග‍්‍රාහකයින් අතර විය.

ශ‍්‍රී ලංකාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුව ඉතා වැරදි සහගත ලෙස කළමනාකරණය කරන බව අවබෝධ කරගෙන සිටින Eco Spindles ඉවතලන බොහෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා හොඳම විසඳුම ප‍්‍රතිචක‍්‍රීයකරණය බව හඳුනා ගෙන සිටියි.

ලෝකයේ ඇඳුම් වලින් 50% ක් පමණ පොලියෙස්ටර් නූල් භාවිතයෙන් නිෂ්පාදනය කරන බැවින් රෙදිපිළි කර්මාන්තයට ගෝලීය විසඳුම් සැපයීම සඳහා වන සමාගමේ අභිප‍්‍රාය කැපී පෙනේ. 2030 වන විට මෙම ප‍්‍රමාණය දෙගුණයක් වනු ඇති බව Greenpeace සංවිධානයේ අනුමානයන්ට අනුව පෙන්වා දෙයි.

Eco Spindles මසකට PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 60,000ක් පමණ ප‍්‍රතිචක‍්‍රීයකරණය කර උසස් ගුණාත්මකභාවයෙන් යුතු නූල් බවට පත් කරනු ලබන අතර ඒවා ගොතන හෝ වියන රෙදි බවට පරිවර්තනය කළ හැකිය.

වර්තමාන ඇඟලූම්/රෙදිපිළි ක්ෂේත‍්‍රයේ ගෝලීය වශයෙන් වඩාත්ම තිරසාර විසඳුමක් වන්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් බෝතල්වලින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීමයි.

Eco Spindles 2011 වසරේ සිය ප‍්‍රතිචක‍්‍රීයකරණ මෙහෙයුම් ආරම්භ කළ දා සිට PET බෝතල් මිලියන 380කට අධික ප‍්‍රමාණයක් මේ දක්වා ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත. ගුණාත්මකභාවය පිළිබඳ සැලකීමේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර් ශුද්‍ර පොලියෙස්ටර් හා සමාන වන නමුත් ශුද්‍ර පොලියෙස්ටර් හා සසඳන විට ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර්වලට අවශ්‍ය වන්නේ 60% කට අඩු ශක්තියකි. මීට අමතරව, ශුද්‍ර අමුද්‍රව්‍ය හා සසඳන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ පොලියෙස්ටර් නිෂ්පාදනය මගින් හරිතාගාර වායු (GHG) විමෝචනය 40% කින් අඩු කරයි “Pulse of the Fashion වාර්තාව, 2018).

BPPL Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කළේ, ”ස්වාභාවික පරිසරය සුරැුකීම සඳහා ඵලදායී සහ ස්ථිර විසඳුම් සෙවීම සඳහා භාරගත් වගකීම සිහිපත් කිරීමක් ලෙස මෙම සම්මානය පිරිනැමීම පිළිබඳව අප IFS වෙත ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මේ වසරේ අප අපගේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි කරන නව නූල් කම්හලක් ඉදිකරමින් සිටින අතර ඉදිරි වසර තුන තුළ අපගේ ප්ලාස්ටික් සම්පීඩනය කරන ස්ථාන සංඛ්‍යාව 40-50 දක්වා පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ගන්නා සෑම ව්‍යාපාරික තීරණයකම හරය වන්නේ තිරසාරභාවය වන බැවින් අප සැමවිටම කාබන් පියසටහන අඩු කිරීමට උත්සාහ කරනවා.” යනුවෙනි.

Visits: 134