DFCC බැංකුවේ ‘රන් වරම’ රන් භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්

DFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර ඇතැයි පවසයි.

COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පවුල් වලට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික ගැටලු වලට සහනයක් ලෙස මෙම සේවාව පුළුල් කිරීමට බැංකුව තීරණය කර තිබේ.

මෙම උකස් සේවාව යටතේ, වයස අවුරුදු 18 ට වැඩි සහ තමන් සතු භාණ්ඩ වල හිමිකාරීත්වය තහවුරු කිරීමේ හැකියාව සහිත ඕනෑම කෙනෙකුට රන් භාණ්ඩ උකස් තබා මුදල් ලබාගත හැකි වේ. කැරට් 18 සිට 24 දක්වා රන් භාණ්ඩ මෙම සේවාව සඳහා භාරගැනෙන අතර, නවීනතම උපකරණ භාවිතයෙන් එම රත්‍රන් තක්සේරුවට ලක්කෙරේ.

කැරට් 24 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 82,000/- ක්ද, කැරට් 22 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 68,000/- ක්ද වන අතර, මාසික පොලිය 0.75% කි. මෙම රන් ණය පහසුකම් ලබාගන්නා පුද්ගලයන්ට තම හැකියාව අනුව අදාළ මුදල ආපසු ගෙවීම සඳහා මාස 12 ක් දක්වා කාලයක් හිමි වේ.

තවද තරගකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදලක් හිමි වීම, රහස්‍යභාවය සහ රන් භාණ්ඩ වල ආරක්ෂාව සහතික වීම, නම්‍යශීලී ගෙවීම් පහසුකම්, අවශ්‍ය අවස්ථා වලදී සහ පූර්ව දැනුම් දීමකින් තොරව රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව යනාදී තවත් වාසි රැසක්ද DFCC බැංකුව සිය රන් වරම උකස් සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් DFCC රන් වරම රන් ණය පහසුකම් පිරිනැමීමට DFCC බැංකුව සූදානමින් සිටී.

මෙම සේවාව සම්බන්ධ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි DFCC ශාඛා වෙතින් හෝ DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.dfcc.lk වෙතින් ලබාගත හැකි වේ. එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක +94(11)2350000 පාරිභෝගික සේවා අංකය ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Views: 44