මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව නැවත පිහිටුවෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව 2021 ඔක්තෝබර් මස 05 වැනිදා දින සිට බලපැවැත්වෙන පරිදි නැවත පිහිටුවීමක් සිදු කළ බව මහබැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතාගේ සභාපතිත්වයෙන්, පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන බව පැවසෙයි.
මෙහිදී ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කුක්, ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක, ඇක්සස් එන්ජිනියරිං පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා, ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා, වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා, මේනෙටෙක් ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල්, ඩී.එස්.අයි. සැම්සුන් සමූහයේ සම්මානනීය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකෝන් සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් ඇතුළු මහත්ම මහත්මීන් මෙම මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.

“මුදල් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ ප්‍රවණතා පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා නියෝජනය කිරීම සහ එමගින් මහ බැංකුවට වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමට හැකියාවක් ලබාදීම මෙම ඉහළ මට්ටමේ මූලික කාර්යභාරය වේ.” මහ බැංකුව පවසයි.
එසේම මුදල් ප්‍රතිපත්ති කමිටුවෙහි ලේකම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මුදල් ප්‍රතිපත්ති උපදේශක කමිටුවෙහිද ලේකම් කටයුතු සිදු කරන බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Hits: 330