නවෝත්පාදනයන් සමඟින් Samsung Developer Conference (SDC21) නැවතත්

ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අදහාගත නොහැකි ආකාරයේ සැම්සුන් නිෂ්පාදන පිළිබඳව සැම්සුන් පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කරවීමට Samsung Developer Conference (SDC) නැවතත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි පවසයි.

පෙර වසරවලට වඩා SDC21 තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇතත් මීට පෙර පැවති සෑම SDC එකක මෙන්ම මෙවරත් අළුත් හඳුන්වා දීම් රැසක් SDC21 හිදී පාරිභෝගිකයින්ට බලාපොරොත්තු විය හැකියි. එමෙන්ම මෘදුකාංග නිර්මාණකරුවන්ද අතපසු නොකර සහභාගී විය යුතු අවස්ථාවක් ලෙස SDC21 පෙන්වා දිය හැකිය.

Bixby සහ SmartThings SDK (Software Development Kit), One UI, Smart TV සේවා සහ Infinity Flex Display සිට අනාගතයට ඔබින මෘදුකාංග හා තාක්ෂණික සේවා ගොඩනැගීමට මෘදුකාංග නිර්මාණකරුවන් සහ නිර්මාතෘවරුන්ව සවිබල ගන්වන නවෝත්පාදනයන් එළිදැක්වීම උදෙසා SDC කීර්තියට පත්ව ඇත.

මේ වසරේ SDC ඔක්තෝබර් 26 දා ආරම්භ වන අතර මෙවර එය පළමු වරට මුළුමනින්ම online තාක්ෂණය ඔස්සේ පැවත්වීමට කටයුතු යොදා ඇත. 2013 වසරේදී ආරම්භ කරන ලද SDC යනු අනාගත තාක්ෂණයන් හා සේවාවන් ගැන සාකච්ඡුා කිරීම සඳහා මෘදුකාංග නිර්මාණකරුවන්, අන්තර්ගත නිර්මාණකරුවන් සහ සැලසුම්කරුවන් දහස් ගණනක් එකට එක්කරන වාර්ෂික සමුළුවකි. සැම්සුන් ද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ඔවුන්ගේ තාක්ෂණයන් සහ මෘදුකාංග ද මෙම සමුළුවේදී එළිදැක්වීමට නියමිතය.

සාමාන්‍යයෙන් මෙම සමුළුව ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලයක ප‍්‍රධාන තොරතුරු තාක්ෂණික සමාගම් පිහිටා ඇති කැලිෆෝනියාවේ සිලිකන් වැලී ආසන්න ප‍්‍රදේශයක පවත්වනු ලබයි.

මෙම සමුළුව ආරම්භ කළ මුල් කාලයේදී ජංගම තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කළ නමුත් මෑත වසරවලදී එය කෘතිම බුද්ධිය (AI) සහ Internet of Things (IoT) යන අංශ සඳහා නව විසඳුම් ද ඉදිරිපත් කරයි.

2019 පැවති SDC සඳහා 5000 ක් පමණ සහභාගී වූ අතර පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කළ හැකි විවිධ තාක්ෂණයන් සහ සේවාවන් පිළිබඳව ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගත්තේය.

මේ වසරේ Samsung Developer Conference හිදී සැම්සුන් නව මෘදුකාංගයක්, SmartThing සහ නවීන තාක්ෂණයන් හඳුන්වා දීමට නියමිත අතර එමඟින් Bixby සහ blockchain ecosystem වැනි නව නිපැයුම්වලට සම්පූර්ණයෙන් ප‍්‍රවේශ වීමට සැම්සුන් devices භාවිතා කරන්නන්ට හැකි වනු ඇත.

එමෙන්ම වෙනත් ප‍්‍රයෝජනවත් සේවාවන් සමඟින් Bixby සහ SmartThings IoT වේදිකාවල ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහා මෘදුකාංග නිර්මාණකරුවන්ට පහසු වන පරිදි වැඩිදියුණු කිරීම් ද සැම්සුන් හඳුන්වා දෙමින් සිටී. එසේ කිරීමෙන් පරිශීලකයින්ට ඔවුන් කරන සෑම දෙයක් පිළිබඳවම අවබෝධය ලබා දීමට නව මංපෙත් නිර්මාණය කරයි.

SDC යනු අර්ථවත් නවෝත්පාදනයන් පසුපස හඹා යාමට මිනිසුන්ව දිරිමත් කරන සමුළුවක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම සමුළුවට සහභාගීවන්නන් Samsung Global Goals app එක වැනි ලෝකය තුළ පැහැදිලි වෙනසක් ඇති කරන ව්‍යාපෘති සහ මුලපිරීම් වලට ද විවෘත වන්නේ එබැවිනි.

“එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වීම සඳහා නිර්මාණය කරන ලද, අධ්‍යාපනික හා පරිත්‍යාග මූලික කරගත් ජංගම යෙදවුම Galaxy ප‍්‍රජාවට තමන් සැලකිලිමත් වන කාරණා වෙත පිවිසීමට සරල ක‍්‍රමයක් සලසා දෙයි. එබැවින් මෙම දිනය වෙන් කරවා ගන්න!” යනුවෙන් සැම්සුන්ග් සමාගම ඉල්ලා සිටියි.

Visits: 63