CLC සහ NIFL ලබාදුන් දායකත්වයත් සමග ASPI ඒකක 9,700 පසුකරයි

අද (ඔක්තෝබර් 18) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ටයිල් සමාගම් කොටස් මිලදී ගැනීමක් වෙත වැඩි උනන්දුවක් හට ගෙන තිබේ. එසේම තවත් වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද ආයෝජකයන් උනන්දුව දක්වා තිබේ.

මේ අතර ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් නිකුත් කර තිබෙන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල කොටස් වටිනාකම් කැපී පෙනෙන ඉහළයාමක්ද අද දිනයේ දැකගත හැකිවිය. ඒ අනුව එම සමාගම් දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඉහළ සඳහා පිළිවෙලින් ඒකක 83ක සහ ඒකක 85ක දායකත්වයක් ලබා දී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,623.28ත් ඒකක 9,732.90ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,709.14ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 15) දිනයට සාපේක්ෂව ඒකක 85.33ක් එනම් +0.89%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, ලංකා අයිඕසී පීඑල්සී සහ ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 7.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 115ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+74.42), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+8.41), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+6.58), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+3.53), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.08), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.92), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-2.49), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.84), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.73), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-1.43) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,553.45ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 15) ‍ට සාපේක්ෂව ඒකක 6.84ක එනම් +0.19%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.75ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 15) වාර්තා කළ රුපියල් බිලියන 3.48 ට  සාපේක්ෂව 21% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.38ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 46.14%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 32.62ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 227.63ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 195.01කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.47ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා ටයිල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.0 කි. එසේම සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 115.15ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 954ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 34%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 394ක සහ රුපියල් මිලියන 388ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 408