ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට ශ්‍රී ලංකාවත්

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්ව ඇතැයි වාර්තා වෙයි.

Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.

මෙහි පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සුවතා ගමනාන්තයක් ලෙසද තෝරා ගෙන තිබේ. පසුගිය වසරේ දි ද Conde Nast Traveler සගරාව පැවැත් වූ Readers Choice ශ්‍රේණිගත කිරිම් වල දි ශ්‍රි ලංකාව හොදම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කෙරී තිබිණි. ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සගරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

Hits: 262