Kia මෝටර්ස් (ලංකා) ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ඇන්ඩෲ පෙරේරා එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ පෙරේරා මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්කර තිබෙන අතර ඔහු විසින් අඛණ්ඩව ශ‍්‍රී ලංකාව තුළ ණස් සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනයට නායකත්වය දෙනු ඇතැයි පවසයි.

ඇන්ඩෲ පෙරේරා මහතා 2013 වසරේ ජනවාරි මාසයේදී ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් Kia මෝටර්ස් සමාගමට එක්වූ අතර සමාගමේ අලෙවියෙන් පසු සේවා යටිතල පහසුකම් පුළුල් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ කටයුතු මෙන්ම වසර නමයක් තුළදී සමාගමේ ව්‍යාපාර කටයුතු ප‍්‍රාදේශීය මට්ටමට රැගෙන යාම වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දක්වන ලදී. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුගෙන් තිබෙන දායකත්වය සහ අගය ඇගයීමට ලක්කරමින් 2015 වසරේදී සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු පත් කරන ලදී.

මෙම පත්වීම නිවේදනය කරමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ඇන්ඩෲ සතුව තිබෙන විශේෂඥතාවය, කැපවීම සහ ශක්තිය යහපත් මෙන්ම අභියෝගාත්මක කාල වලදීත් ණස් මෝටර්ස් සමාගමට වත්කමක් බවට පත්වී තිබෙනවා. ඔහුගේ සහයෝගයෙන් ගෝලීය වසංගතයක් සහ දේශීය සීමාවන් පනවා තිබෙන කාලයේදී පවා අපගේ පුළුල් කිරීමේ සහ ව්‍යුහාත්මක සැලසුම් කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකිවුණා. ඉදිරියටත් ඔහුගේ නායකත්වය අපි බලාපොරොත්තු වෙනවා.’

Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර පිළිබඳව අදහස් දක්වමින් ඇන්ඩෲ පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළේ ප‍්‍රමුඛතම ස්ථානයකට පැමිණීම සඳහා Kia මේ වනවිට පරිවර්තනයකට සහ නවෝත්පාදන කටයුතු වලට ජාත්‍යන්තර මට්ටමේදී එළඹී තිබෙනවා. මේ නිසා, EV6 වැනි විද්‍යුත් වාහන රැසක් සංවර්ධනය කිරීමට සමාගම අවධානය යොමුකර තිබෙනවා. මේ අනුව, දේශීය වෙළෙඳපොළවල පාරිභෝගිකයින්ගේ රුචිකත්වයට සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන තිරසාර විසඳුම් මාලාවක් ඉදිරියේදී Kia වෙතින් බලාපොරොත්තු විය හැකියි. මේ නිසා, මා විශ්වාස කරන්නේ Kia හි, විශිෂ්ටතම නිෂ්පාදන පෙළ ඉදිරියේදී පැමිණෙන බවයි. ශ‍්‍රී ලංකාව තුළ සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනය සඳහා නායකත්වය ලබාදීමේ අභියෝගය මා සතුටින් භාර ගන්නවා.’

කළමනාකරණ වෘත්තිකයෙකු වන ඇන්ඩෲ පෙරේරා මහතා පාසල්, ක‍්‍රීඩා සමාජ සහ ජාතික මට්ටමේ දක්ෂ ක‍්‍රීඩකයෙකු වූ අතර රථවාහන ක්ෂේත‍්‍රයේ වසර 12 කට වැඩි අත්දැකීමක් ඔහු සතුවේ. ඇන්ඩෲ පෙරේරා මහතා Kia මෝටර්ස් (ලංකා) සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් කටයුතු කළ සමය තුළදී සමාගමේ බොහෝ කැපී පෙනෙන සංවර්ධන සංධිස්ථාන වෙනුවෙන් දායකත්වය දක්වන ලදී. මේ අනුව, මෙම සමය තුළදී Kia මව් සමාගමෙන් Distributor of Distinction 2013, Most Improved Distributor 2014 සහ Testimonial Award for Best Sales 2017 වැනි සම්මාන හිමිකර ගැනීමට Kia මෝටර්ස් (ලංකා) සමාගම සමත්විය. මීට අමතරව, රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් ඉදිකළ මාලඹේ Kia මධ්‍යස්ථානයේ ඉදිකිරීම් 2018 වසරේදී අවසන් කළ අතර සමාගමටම අයත් අලෙවි, සේවා සහ අමතර කොටස් ජාලයක් සංවර්ධනය කරමින් Kia සන්නාමය ප‍්‍රාදේශීය මට්ටමට කැපී පෙනෙන ලෙස රැගෙන යාමට කටයුතු කළේය.

මීට අමතරව, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ටේ‍්‍රඩර්ස් ඇසෝසියේෂන් (CMTA) හි, විධායක කමිටු සාමාජියෙකු ලෙස ද ඇන්ඩෲ පෙරේරා මහතා මේ වනවිට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයට දායකත්වය දක්වයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප‍්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වන ඇන්ඩෲ පෙරේරා මහතා වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ B.Sc. (ගෞරව) උපාධියත් ලෙයිස්ටර් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති (MBA) උපාධියත් ලබාගෙන තිබේ. ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් (NUS) විධායක අධ්‍යාපනය ලබාගෙන තිබෙන අතර එහිදී උපාය මාර්ගික කළමනාකරණය හදාරා ඇත.

එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ MDA Associates International හි, නායකත්ව වැඩසටහනක්ද ඇන්ඩෘ පෙරේරා මහතා හදාරා තිබේ. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ TSD Consultants වෙතින් ඔහු ‘ක‍්‍රියාවලී විශිෂ්ටත්වයට අදාළ ලීන් මෙහෙයුම්’ කටයුතු පුහුණුව සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා ‘Green Belt Sensei’ ශ්‍රේණියද ලබාගෙන තිබේ.

Visits: 95