රාජ්‍ය ඇමති දුමින්ද විදුල්ලංකා සමාගමේ ‘විදුල් බයෝමාස්‘ විදුලි බලාගාරය නිරීක්ෂණයක

විදුල්ලංකා පීඑල්සී සමාගමට අයත් දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම ප්‍රදේශයේ පිහිටි “විදුල් බයෝමාස්” ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව සූර්ය විදුලි, සුළං සහ ජල විදුලි බලාගාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ග්ලිඩිසීරියා දැව උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන මෙම බලාගාරය මෙගාවොට් 3.3ක (3.3MW) ධාරිතාවයකින් යුක්තය. එමගින් වාර්ශිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.

එහිදී අදාළ බලාගාරය වෙත ලබා දීම සඳහා ප්‍රදේශයේ පවුල් 15,000 ක් පමණ ග්‍රිඩිසීරියා වගාකරන අතර මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

එසේම අක්කර 700 ක ග්ලිඩිසීරියා වගාවක්ද එම ආයතනය සතුවද පවතී.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව 70% පුනර්ජනනීය ඉලක්කය වෙත ගමන් කරන ගමන සාක්ශාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර මේ වනවිට රජය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Views: 147