මහ බැංකු අධිපති කබ්රාල් සහ ලෝක බැංකුවෙහි මෙරට ප්‍රධානියා අතර හමුවක්
ලෝක බැංකුවෙහි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සෙර්වොස් මහතා පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී සාකච්ඡා කළ බව වාර්තාවෙයි.
මහ බැංකුව මූලස්ථානයේදී මෙම හමුව සංවිධානය වී තිබේ.
මෙම හමුවට මහ බැංකු අධිපතිවරයාට අමතරව මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුම සහභාගි වී තිබේ.


Hits: 103