ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් රුපියල් 1.75 බැගින් ලාභාංශ ගෙවිමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී (LPRT.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.75ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී පවසයි.

මෙය 2020/21මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වෙන බවත් ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුව තුළ අවසන් වරට ගනුදෙනු සිදු වුණූ පසුගිය ඔක්තෝබර් 01 වැනිදා දිනය නිමාවේදී ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සමාගමේ කොටසක අගය රුපියල් 146.25ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 91