ලංකා IOC සමාගම ත්‍රිකුණාමලයේදී ‘Servo Pride ALT 15W-40’ එළිදක්වයි

ලංකා අයිඕසී (LIOC) සමාගමෙහි නවතම නිෂ්පාදනය වන ‘Servo Pride ALT 15W-40’ එළිදැක්වීම පසුගියදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේදී පැවැත් වී ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියානු  විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා අතින් මෙම නව නිෂ්පාදනය එළිදැක්වීම සිදුව තිබේ. එහිදී අදහස් දක්වා ඇති ඒ මහතා මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළ බව සඳහන් වෙයි..

මේ අතර සිය සංචාරය යටතේ ඉන්දියානු විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංචාරයකද  නිරත වී තිබේ.. එහිදී අදහස් දක්වා ඇති LIOC සමාගම මෙම ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් විදේශ ලේකම්තුමාව දැනුවත් කළ බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Visits: 127