දිල්ෂාන් රොඩ්‍රිගෝ HNB FINANCE PLC හි සභාපතිධුරයට

මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් නිරෝෂ් රොඩ්‍රිගෝ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. පසුගිය සැප්තැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

මෙතෙක් HNB FINANCE PLC හි සභාපතිවරයා ලෙස කටයුතු කළ ජොනතන් අලස් මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුව පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම නව පත් කිරීම සිදුව තිබේ.

පසුගිය අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් වන අනුමැතිය ලබා දී තිබේ.

මෙහිදී ඒ මහතා HNB FINANCE PLC සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු/සභාපතිවරයා ලෙස පත් කෙරී තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විට දිල්ෂාන් මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවද HNB FINANCE PLC සඳහන් කරයි.

දිල්ෂාන් රොඩ්‍රිගෝ මහතා අද වනවිට HNB බැංකුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) ලෙසින්ද කටයුතු කරයි. එසේම ඒ මහතා HNB Assurance, Guardian Acuity Management, Lanka Financial Services Bureau Ltd සහ Credit Information Bureau යන සමාගම්වලද අධ්‍යක්ෂ මණ්ඩල ධුර දරයි.   

Views: 158