‘Colombo’ රැගෙන රොක්ලන්ඩ් බ්‍රිතාන්‍ය පුරා යනවාලු
සිය Colombo සන්නාමය යටතේ වන ‘ඩ්‍රයි ජින්‘ මත්පැන් නිෂ්පාදන බ්‍රිතාන්‍ය තුළ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පෞද්) සමාගම පවසයි.
ඒ අනුව හැම්ප්ටන් කෝර්ට් පැලස්හි සිට ලිවර්පූල් සහ ග්ලාස්ගොව් දක්වා ආවරණය කරමින් මෙම ග්‍රීෂ්ම ඍතුවේදී බ්‍රිතාන්‍ය පුරා සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් පවතින බවත් සමාගම සඳහන් කරයි.
ඒ හරහා ශ්‍රී ලාංකික සැබෑ සලකුණක් වන Colombo7gin සහ Ceylonarrack බ්‍රිතාන්‍ය පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීම සිදු කරන බවත් සඳහන් වෙයි.




Hits: 149