Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සමගින් නවතම SAMSUNG Foldable Smartphones හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සිය premium foldable smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා අද (සැප්තැම්බර් 16 දා) සිට ඇණවුම් භාරගනු ලබන බව නිවේදනය කර සිටියි.

සැම්සුන් තුන්වන පරම්පරාවේ නවතම කාණ්ඩය වන මෙම foldable devices කල් පවතින ලෙස නිර්මාණය කර ඇති අතර පාරිභෝගිකයාට වඩාත් ආකර්ෂණීය, සිත්ගන්නා සුළු හා නවමු අත්දැකීමක් විඳීමට අවස්ථාව සලසා දෙමින් ඔබ වෙත ඉදිරිපත් කරයි.

සුවිශේෂී නිමාවක සිට පුළුල් තිර අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 කාර්යාලීය වැඩ කටයුතු කිරීමට, වැඩසටහන් ආදිය නැරඹීමට සහ විනෝද වීමට අද්විතීය නව ක‍්‍රමයන් රැසක්ද පරිශීලකයින්ට තිළිණ කරයි.

උපරිම ඵලදායිතාවක් සහ වින්දනයක් සොයන පාරිභෝගිකයින් උසස් තත්වයේ අද්විතීය කාර්යසාධනයක් සහිත සැබෑ multitasking powerhouse එකක අත්දැකීම ලබා දෙන Galaxy Z Fold3 වෙත යොමුවීමට කැමති වනු ඇත. 12MP තියුණු පසුපස කැමරා 3කින් සමන්විත Galaxy Z Fold3 සතුව 10MP සෙල්ෆි කැමරාවක්ද තිබීම ඡුායාරූප ගැනීමට වැඩි කැමැත්තක් දක්වන පරිශීලකයන්ට නවමු අත්දැකීමක් එක් කරනු ඇත. අඟල් 7.6ක විශාලත්වයකින් යුතු පරිපූර්ණ Infinity Flex තිරයකින් සහ S Pen ආධාරයෙන් ක‍්‍රියා කළ හැකි foldable smartphone එකක් ලෙස ප‍්‍රථම වරට හඳුන්වා දී ඇති Z Fold3 smartphone එක 12GB RAM සමඟ 256GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් යුතුව මිලදී ගැනීමේ අවස්ථාව ද සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් පාරිභෝගිකයින්ට සලසා දී ඇත. Z Flip3 යනු සුමට, හුරුබුහුටි, ඔබගේ සාක්කුවේ දැමිය හැකි ප‍්‍රමාණයේ නිමාවකින් යුතු smartphone එකක් වන අතර වැඩිදියුණු කළ විශේෂාංගවලින් යුතු කැමරාවකින් හා භාවිතා කිරීමට පහසු වන ලෙස විශාල ප‍්‍රමාණයේ තිරයකින් යුතු වීම නිසා ඔබ තවත් එයට ආකර්ෂණය වනු ඇත.

”නවීකරණය වන ලෝකයේ වේගවත්ව සහ වැඩි වැඩියෙන් මිනිසුන්ට තමන්ගේම අත්දැකීම් වෙත ළගාවිය හැකි පරිදි විවෘත පරිසරයක් නිර්මාණය කිරීම වඩාත් ඵලදායී බව අප විශ්වාස කරනවා. එමනිසා අන්කවරදාටත් වඩා පසුගිය වසර තුළ තාක්ෂණය කෙරෙහි අපගේ අවධානය වැඩි වශයෙන් යොමු කරනු ලැබුවා. නමුත් සෑම දෛනික කටයුත්තක්ම තාක්ෂණය ඔස්සේ නව්‍යකරණයකට ලක්වීම තරමක් අභියෝගාත්මකයි. Foldable සඳහා S Pen හා under-display camera වැනි පළමු වරට හඳුන්වා දෙන ලද විශේෂාංග සමඟින් මෙන්ම ජලයට ඔරෝත්තු දෙන IP rated තාක්ෂණයෙන් යුතු මෙම devices පරිපූර්ණ ඉහළ තාක්ෂණික නිර්මාණයක්.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

Galaxy Fold3 5G පෙර ඇණවුම් කරන පාරිභෝගිකයින් සඳහා නොමිලේ UV Sterilizer එකක් (රු.9,999 ක් වටිනා, Wireless Charger Trio එකක් (රු. 17,999 ක් වටිනා), Smart Keyboard Trio එකක් (රු. 8,999ක් වටිනා) සහ Galaxy SmartTag එකක් (රු. 5,599 ක් වටිනා) ලබා ගැනීමේ හැකියාව ඇත. Galaxy Z Flip3 5G පෙර ඇණවුම් කිරීමේදී ඔවුන්ට නොමිලේ UV Sterilizer එකක් (රු. 9,999 ක් වටිනා), Wireless Charger Duo (රු. 9,199 ක් වටිනා) සහ Galaxy SmartTag එකක් (රු. 5,599 ක් වටිනා) ලබා ගැනීමට හැකියාව ලැබේ.

මීට අමතරව, වසර 1 ක් සඳහා Samsung Care Pack එකක් (රු. 22,999 ක් වටිනා) සමඟ මෙම නිෂ්පාදන දෙක සඳහා නොමිලේ *screen replacement පහසුකමක් ද ලබා ගැනීමේ හැකියාව ද පාරිභෝගිකයින්ට හිමි වේ. 

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ඇණවුම් කළ හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද සැප්තැම්බර් 16 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා ඔබට ඇණවුම් කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

Visits: 106