ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

ඕසෝන්ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. ඒ අනුව අප සැමවිටම ඕසෝන් ස්ථරය රැකගත යුතුය.

මෙම වැදගත්කම නිසාම සෑම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් ස්ථරය රැක ගැනීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබේ. මේ වසරේ ලෝක ඕසෝන් දිනයේ තේමාව නම් ‘’Montreal Protocol: Keeping Us, Our Food and Vaccines Cool’ යන්නයි.

පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමේ බරපතල ගැටලුවට විසඳුමක් ලෙස 2012 වසරේදී R600a ශිතකාරකය හඳුන්වා දෙන ලදී.

මෙම නවොත්පාදනයත් සමඟ ශීතකරණ නිෂ්පාදන ක්‍රියාවලියේදී R600a තාක්‍ෂණය භාවිතා කරන දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට සිංගර් පත් විය. සියලුම ශීතකරණ සඳහා R600a ශිතකාරක යොදා ගැනීමට ගත් උත්සාහය නිසා සමස්ත ශ්‍රී ලාංකික ශීතකරණ වෙළඳපොළද ඕසෝන් ස්ථරයට බලපෑමක් ඇති කරන  ශිතකාරක භාවිතය ශුන්‍ය කරමින් මුළු කර්මාන්තයම ඊට අනුගතවීම සිදු විය.

මේ දක්වා සිංගර්හි R600a ශිතකාරක අඩංගු ශීතකරණ ඒකක මිලියන 1.25 ට වඩා සාර්ථක ලෙස අලෙවි වී ඇති අතර එමඟින් වූ මුළු බලශක්ති ඉතිරිය කිලෝවොට් පැය බිලියන 1.3ක් (1.3Bn kWh) වේ. 

ඕසෝන්ස්ථරය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලාංකික සමාගමක් සපයන ප්‍රමුඛ දායකත්වයක් ලෙස R600a ශිතකාරක හඳුන්වාදිය හැක. CFC වායුවට සාපේක්ෂව R600a වායුවේ ඇති ප්‍රතිලාභ හඳුනාගත් සිංගර් සිය R600a ශිතකාරක පරාසය දිගින් දිගටම පුළුල් කළේය.

උසස් තත්වයේ R600a ශිතකාරක නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අතිනවීන ශීතකරණ නිෂ්පාදන පහසුකම් සිංගර් සතුව ඇත. අඩු බලශක්ති පරිභෝජනයක් සහිත සිංගර්  R600a ශිතකාරක මඟින් විදුලි බිල සඳහා වැය වන සැලකිය යුතු මුදලක් ඉතිරි කරන අතර R600a ශිතකාරක පරිසර හිතකාමී වන බැවින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද කදිම විසඳුමකි.

ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ. ” ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරන අද වැනි දවසක පරිසරය සුරැකීම කෙරෙහි අප සැමගේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ තිබේ. ස්වාභාවික විපත්, පරිසර දූෂණය සහ ඕසෝන්ස්ථරයට ඇති බලපෑමඅවම කරමින් මෙම ගැටලු විසඳීම සඳහා අප සැමගේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වේ. සිංගර් විසින් අලෙවි කරන ශීතකරණ 100% ක්ම පරිසර හිතකාමී ඕසෝන්ස්ථරයට බලපෑමක් නොවන වායූන්ගෙන් සමන්විත වීම ගැන මම ආඩම්බර වෙනවා. සිංගර්, පරිසර හිතකාමී සමාගමක් වීම නිසා සමස්ත පරිසරය සුරැකීමට දායක වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.” යනුවෙනි.

Views: 85