අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළිත් මහ බැංකු අධිපති ධූරයට

හිටපු මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඒ මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර ඇත. එදින ඒ මහතා වැඩ භාරගනු ඇතැයි සඳහන් වෙයි.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වත්මන් අගමැති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ වසර 2006 ජූලි 01 වැනිදා සිට 2015 ජනවාරි 09 දක්වා වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

මෙලෙස මහ බැංකු අධිපතිවරයා බවට පත්වීම සඳහා කබ්රාල් මහතා ඊයේ පෙරවරුවේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය.

Views: 118