මෙරට නිපදවූ යතුරු පැදි, ATV, 4×4 රථ සහ ත්‍රීවීල් රථ එළිදැක්වෙයි
දේශීය නිශ්පාදන සන්නාමයක් වන සෙනාරෝ මෝටර් සමාගම විසින් මෙරට දී නිශ්පාදනය කළ බව පැවසෙන යතුරුපැදි, ATV 4×4 රථ, සහ ත්‍රීවීල් රථ හඳුන්වාදීමේ උත්සව අවස්ථාවක් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුව තිබේ.
ඒ අනුව මෙහිදී එම සමාගමේ ප්‍රධානීන් මගින් සිය නිෂ්පාදන පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සිදු කෙරුණු බව සඳහන් වෙයි.
ආනයන ආර්ථිකයෙන් මිදී මෙරට තුල නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සවියක් වීම සඳහා මෙලෙස දේශීයව නිපදවූ යතුරුපැදි, ATV 4×4 රථ, සහ ත්‍රීවීල් රථ වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බව සෙනාරෝ මෝටර් සමාගම හිමි සෙනාරෝ සමූහය සඳහන් කරයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/09/240154478_1654805674723348_5466754992913818175_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/09/240572762_1654805834723332_1561880180620071181_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/09/240626741_1654805748056674_7546621575341299266_n-1024x645.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 234