තරුණ ප්‍රජාව අනාගතය කරා රැගෙන යාමට SAMSUNG සිය ‘ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ තුළින් පෙරමුණ ගනී

සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ මෑතකදී දියත් කළ බව පවසයි. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කර තිබේ.

තවද, Artificial Intelligence (AI), the Internet of Things (IOT), VR/AR (Virtual Reality/Augmented Reality) ඇතුළු වෙනත් නව තාක්ෂණය පිළිබඳ මෙරට අනාගතය හැඩ ගැස්වීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස මෙම වැඩසටහන පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇතැයි සඳහන් වෙයි..

මෙහිදී අදහස් දක්වන සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා ”ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් තම සිහින සැබෑ කර ගැනීමට සහ යහපත් අනාගතයක් උදාකර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් සැම්සුන් ආයතනය ඔවුන්ව තව තවත් සවිබල ගැන්වීම සහ දිරිමත් කිරීම තම යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකනු ලබනවා. එවැනි උනන්දුවක් හා කැපවීමක් සහිත දරුවන් සඳහා මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ අපගේ අරමුණ වන්නේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල තරුණ තරුණියන් අතරට ගොස් අනාගත ලෝකයට පිවිසීමට ඔවුන්ට ශක්තියක් වෙමින් සමාජයට යහපත් වෙනසක් ඇති කිරීම සහ සමාජයේ යහපැවැත්ම සඳහා දායක වීමයි. විශ්ව විද්‍යාල සිසුන් අතර මිත‍්‍රශීලී සහ වෘත්තීයමය සබඳතාවක් ඇති කර ගැනීම මගින් බහු කුසලතා ඇති ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් සහ සැම්සුන් අතර අඛණ්ඩව සෘජු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම මෙම ශිෂ්‍ය නියෝජිත වැඩසටහනේ තවත් මුඛ්‍ය පරමාර්ථයක් ලෙස හඳුන්වා දිය හැකියි.” යනුවෙන් පවසා සිටියි.

තෝරාගත් සිසුන් සඳහා වූ ප‍්‍රධාන ක‍්‍රියාකාරකම් අතරට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්, ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ අරමුණු සඳහා දායක වන ස්වේච්ඡුා සේවාවන්, තොරතුරු තාක්ෂණය, ඡුායාරූපකරණය, සංචාරක ක්ෂේත‍්‍රය, මාධ්‍ය, යෝග්‍යතා, ක‍්‍රීඩා පිළිබඳ දැනුම වැඩිදියුණු කරන පිළිගත් ප‍්‍රවීණයන් විසින් පවත්වනු ලබන අන්තර් ක‍්‍රියාකාරී වැඩමුළු මෙන්ම වෙනත් පුහුණු වැඩසටහන්ද ඇතුළත් වේ.

නව ලෝකය ජය ගැනීම වෙනුවෙන් නව සොයාගැනීම් සහ නිපැයුම් සමඟ ඉදිරියට යාමට නවතම තාක්ෂණය සහ නවෝත්පාදනයන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම ද මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. සැම්සුන් විසින් මෙම ආකර්ෂණීය වැඩසටහනෙහි දෙවන අදියර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර https://www.facebook.com/groups/samsungstudentambassadors/ හි ලියාපදිංචි වීමෙන් ශ‍්‍රී ලංකාවේ සියලූම පෞද්ගලික හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන්ට සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන II සමඟ අත්වැල් බැඳගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි සඳහන් වෙයි.

Views: 61